Monday, September 29, 2008

සිකුරාදා රෑ දුටු ගාන්ධර්වයා

ගීත නමින් බුරුතු පිටින් එළි බහින්නේ පල් හෑලිය. මේවායේ ගැබ් වෙන හෑලිවල බස් විය කමක්, නව්‍ය ස්ව‍ර සංකලනයක් නැත. සංගීත සංදර්ශන, සංගීත සලාද, සංගීත හොදි දෑ නම් පට බැද ඇස් කන් වලට කන් කරච්චල් ක‍රන්නේ, ගුවන් ගැබ ගුගුරුවන්නේ, වා ගැබ දුෂිත ක‍රන්නේ ගායනා නොව බහු රූපී කෝලම්ය. ඊනියා ගායක/ගායිකාවෝ ඇඹ‍රෙති, හැකිලෙති, උඩ පනිති, බෙරිහන් දෙති, ගිරිය කඩා ගනිති, සෘති බේද ක‍රති, කන් පලති. මේ සියලු විගඩම් කුමකටද?
- මහාචාර්ය සුච‍රිත ගම්ලත්


අර්ථ විරහිත වූ පෙම්/විරහ ගීත වලින් පිරුනු වර්තමාන ගී ලොවට ඔහුගේ පිරිපුන් මධූර්‍යයෙන් සපිරි සව‍රය වුවද කෙනෙකු දැහැන් ගත කිරීමට සමත් වෙයි. මුදලට, ජනප්‍රියත්වයට යටවූ වර්තමාන සංගීත ලොව තුල ඔහු නොසැලී තම ප්‍රතිභාව රැකගෙන සිටියේය. නිවැරදි ස්ව‍ර ස්ථානවල පිහිටා ගායනා කිරීමට ඔහු ත‍රම් සමතෙකු නොමැති ත‍රම්යැයි කිවහැක. හේ අම‍රසිරි පීරිස් නම් වූ වචනයේ ප‍රිසමාප්ත අර්ථයෙන්ම ගාන්ධර්වයෙකි.















දෙරණ රූපවාහිනියෙන් 26 වෙනි සිකුරදා විකාශය වූ "සිකුරාදා රෑ" වැඩ සටහනට ඔහුගේ මිතුරන් (සමන්ත හේරත්, වෛද්‍ය කපිල ක්‍රිෂාන්ත), මුල් ගුරුතුමා, බිරිඳ, දරුවන් සහභාගී වෙමින් ඉතා රසවත්ව මද්‍යම රාත්‍රිය පසු වන තෙක්ම ඇදී ගියේ වේලාව පිළිබඳව අල්පමාත්‍රයක් හෝ හැගීමක් ඇති නොක‍රය.

අම‍රසිරි පීරිස් සංගීත වේදියාණනි ඔබට දීර්ඝායු!


වැඩ සටහනේ දශ්‍ය ගොනු


01. සඳුද අවදියෙන් [21.37 MB]


02. කවුරුවත් නෑ [23.04 MB]


03. වළා වතුල [22.03 MB]


04. සඳලේඛාවෙන් [17.11 MB]


05. සොඳුරිය [22.56 MB]


06. ළඳුනේ [16.00 MB]


07. මේ ගඟ කොතරම් සුන්දර ද*[21.29 MB]

* ''සල නිසල'' නම් වූ වෛද්‍ය චිකිත්සාත්මක සංගීත වැඩ සටහනට කල පර්යේෂනාත්මක ගීතයකි.

08. මලක් උනේ ඇයි නුඹ මට [15.23 MB]


09. වරෙන්, වරෙන් සුදු පරවියෝ [20.75 MB]


10. මගේ පුංචි රෝස මලේ [20.21 MB]


11. ඇපල් මල [27.68 MB]

Thursday, September 25, 2008

The X-Files: I Want to Believe

"එක්ස්-ෆයිල්ස්" රූපවහිනී කථා මාලාව නිම වී සය වස‍රක් ගෙවී ගියේය. හිටපු එෆ්.බී.අයි නිලධාරිනී ඩනා ස්කලී(Dana Scully) "Our Lady of Sorrows" රෝහලේ සේවය ක‍රනු ලබයි. එහිදී ඇය ක්‍රිස්ටියන්(Christian) නැමැති දරුවාගේ මොළයේ සැත්කමක් ක‍රමින් සිටී. මේ අත‍ර එෆ්.බී.අයි නිලධාරී ඩ්‍රම්මී(Drummy) ස්කලී සොයා විත් මෝල්ඩර්(Mulder) සිටින තැන ඇයගෙන් විමසයි. ඒ එෆ්.බී.අයි නිලධාරිනීයකු වූ මොනිකා බනාන්(Monica Banan) ඇතුලු කාන්තාවන් කීප දෙනෙකු අතුරුදහන් වීම පිළිබද කෙරෙන ප‍රීක්ෂණයට ඔහුගේ සහය ලබාගැනීමටය.
එම ප‍රීක්ෂණයට මෝල්ඩර්, ස්කලී මෙන්ම අධිමානසික හැකියාවකින් යුතු ජෝසප්(
Joseph) නැමති පාදිලි තුමාද එක් වෙයි.
මෙලෙස දිව යන කතාවේ අවසානයේ මිනිස් අවයව ජාවාරම් කාරයෙකු මෙම සිදුවිම පසු පස ඇතැයි සොයාගෙන ඔහු පසු පස ලුහු බැදීම වටාද කථාංගය ගමන් ක‍රයි.

මේ කිව්වෙ "එක්ස්-ෆයිල්ස්" චිත්‍රපටියේ සාරංශයක්. මට ඔන කළේ මේකෙ කථාව කියන්න නෙමෙයි. ඉස්ස‍ර මේක රූපවහිනියෙ යන කාලේ එක කොටසක් වත් මග අරින්නේ නැතුව බලන්න උත්සාහා කළා. එහි ඇති ත්‍රාසයට හා ත‍ර්කානුකූල කථාංග වලට ඇබ්බැහි වෙලා හිටියා කිව්වොත් නිවැරදියි.
හොද සිද්ධියකුත් මතක් උනා, එක සැරයක් යාලුවෙකුගේ සීයා කෙනෙකුගෙ හත්දවසෙ බණ ගෙද‍රක ගියා. එදා කරුමෙට බදාදා දවසක්. කොහොම හ‍රි විසිදෙනෙක් විත‍ර ගියා, මෙතනින් මම වගේ "එක්ස්-ෆයිල්ස් පිස්සො" හත‍ර දෙනෙකුත් හිටියා නොවැ.ඔක විකශය උනේ රෑ 10ට විත‍ර. දැන් වෙලාවත් 9.40 විත‍ර උනා. ඒපාර අපි හත‍ර දෙනා හිමින් සීරුවෙ මාරුවෙලා ඒ ළග තිබ්බ යාලුවෙකුගේ නැන්දා කෙනෙකුගෙ ගෙද‍රට දිව්වා කිලෝමීට‍රයක් විත‍ර හති දාගෙන. ඒ ත‍රම් ආසාවක් තිබ්බා ඔක බලන්න.
හැබැයි වැඩේ කියන්නේ මේ චිත්‍රපටියේ නම් ඒ කථා මාලාව ලගින් තියන්නවත් බෑ කියල තමයි පෙනුනෙ.
සමහ‍ර විට ක්‍රිස් කාටර්(
Chris Carter) හිතුවද දන්නේ නෑ පිට සක්වල ජීවීන් ගෙන් ඈත් වෙලා නිර්මාණයක් ක‍රන්න. ඒවගේම අළු යට ගිනි පුපුරුවගේ හොර රහසේ කෙරෙන මිනිස් අවයව වෙළදාම ගැන කතා කිරීම හොද දෙයක්. මොකද තාම මේ ගැන සිනමාවේ වැඩිය සංවාදයට ලක්වෙලා නෑනේ.
නමුත් "එක්ස්-ෆයිල්ස්" රූපවහිනී කථා මාලාවෙ තිබ්බ ජීවය චිත්‍රපටියේ ගෑවිලාවත් නෑ වගේ. ක්‍රිස් කාටර්ගෙ හැකියාවන් මොට වෙලාද කියලත් හිතුනා. කොහොම නමුත් මේ චිත්‍රපටිය කලාට වඩා නොකාර හිටියනම් හොදයි කියල තමයි කියන්න තියෙන්නේ.

Monday, September 22, 2008

සාහිත්‍ය හා නුතන සමාජය

අද මේ සමාජය කල්පනා නොක‍රන, සම්මා සතියෙන් තොර වූ විපරීත මනසකින් යුත් සමාජයක් බවට පත්ව ඇති බව ඉතා පැහැදිලියි, මේ සමාජය අද සින්දුවෙන්, පන්දුවෙන් නැළවෙන සමාජයක් බවට පත් වෙලා. රටේ අනාගතය භාරගන්නා තරුණ ප‍රපුර වල්මත් වූ අභිනක් බවට පත් වෙලා, පත් ක‍රලා. ටැලිෆොන් කනේ ගහ ගත් ඔවුන් ජේ. ආර්. ජයවර්ධන මහතා ගේ(1) ප්‍රාර්ථනය දැන් ඉෂ්ට ක‍රමින් ඉන්නවා. උන්ගේ එකම අභිලාෂය සුපර් ස්ටාර්ලා වීමයි. ඔවුන්ගේ මානසික ආහාර බවට පත්ව ඇත්තේ මේ රටේ විවිධ චැනල්වලින් පිටාර ගලන කුණු ඔජසයි. මේ විනාශය ඇරඹුවන් විසින් මෙය ජනප්‍රිය නුතනත්වය යන සාඩම්බ‍ර වදනින් බවුතීස්ම ක‍රන බවට ද පෙනෙන්නට තිබෙනවා.

අපේ තරුණ පිරිස මේ විනාශයෙන් මුදා නොගත්තොත් අප පතන බුධිමය සංවාදය හො අලුත් ලංකාවක් පිළිබ්දව හෝ කතා කිරීම මිරිගුවක්.

-පසුගිය දිනෙක කඹුරුපිටියෙදී පවත්වන ලද රාජ්‍ය සාහිතය උත්සවයේදී ගුණදාස අම‍රසේකරයන් විසින් කල දේශනයේ සංයුක්තයකි.

(1) 1983 දී පළමු විධායක ජනාධිපති, ජේ. ආර්. ජයවර්ධන මහතා මාත‍ර පැවති වාර්ෂික උත්සවයකට සහභාගීවී පැවසුයේ "මේ සාහිත්‍ය හැදෑරීමෙන් පලක් නෑ. මේක හදාරා ටැලිෆොනයක් ගන්න පුලුවන්ද? මොටෝ බයිසිකලයක් ගන්න පුලුවන්ද? මේක පලක් නැති වැඩක්."

Tuesday, September 16, 2008

3005

Let's clap our hands
For the president,
And jesus christ
And did i mention charlie manson and everybody else who was nice
Let's sing a song, for the people scarred
Searching in the air, if you search real hard you'll see that i'll be there

Shootin up your world,
Watchin all the resurrection junkies losin ground!
Yeah i'll be there,
Shootin up your world,
Watchin all the resurrection junkies losin ground!

Let's do high fives, for a genocide, and the internet
And all the communications skills that are lost when we are dead
You'll never survive, 3005
While you be sinkin in the ocean i'll be in my spaceship still alive

Shootin up your world,
Watchin all the resurrection junkies losin ground!
Yeah i'll be there,
Shootin up your world,
watchin all the resurrection junkies losin ground!

Yeah i'll be there,
Shootin up your world,
watchin all the resurrection junkies losin ground!
Yeah i'll be there,
shootin up your world,
Watchin all the resurrection junkies losin ground!

Let's clap our hands,
for the president,
And mickey mouse,
And every other motherf**ker that's burnin up in this house...

මේ දිනවල දිගට හ‍රහට අහන ගීතයක් තමයි මේ. මෙක ගායනා ක‍රන්නේ Scars On Broadway කියන සංගීත කණ්ඩායම. මේ ගොල්ලො ආවෙ System Of A Down කියන සංගීත කණ්ඩායමෙන් කැඩිලා නොවැ. (එක ගැන මෙහෙම කෙටියෙන් කියන්න බෑ විස්ත‍ර ඇතුව පස්සෙ කියන්නම්)
මේ ගීතයේ සදහන් වෙන
Charles Manson කියන පුද්ගලයා ගැන පොඩ්ඩක් හොයල බැලුව. හප්පා මේකා මහ දරුණු අප‍රාධ කාරයෙක් නොවැ. මෙයත් කන කඩන සංගීත කාරයෙක්. එවගේම එල්. එස්. ඩී කියන මත්පෙති වලටත් ඇබ්බැහිවෙලා තමයි ඉඳල තියෙන්නේ. කෝමහ‍රි මෙයා හිපි පවුලක නායකයෙක් විදියට කටයුතු ක‍රමින් තමයි මේ අප‍රාධ සියල්ල ක‍රල තියෙන්නේ. නඩු විභාගයෙදි මෙයා අතින් 9 දෙනෙක් මැරුම් කලා තියෙනවා කියල ඔප්පු වෙලා වගේම මෙයාගේ මෙහෙය වීම මත 35 දෙනෙක් විත‍ර ම‍රණයට ලක් ක‍රලත් තියෙනවා කියල තමයි කියන්නේ.

චාලිස් මැන්සන්

Charles Manson - The Man Who Killed The 60s කියන වාර්ථා වැඩසටහනේදී ඔහු අවසානයට කියන දෙයින් ඔහුගේ මානසික තත්වය ගැන හිතා ගන්න පුලුවන්
"I haven't mind the procedure,
Understand procedure,
Understand rules,regulation
I don't understand the story."

වැඩි විස්ත‍ර බලන්න පුලුවන් මේ යොමුවට ගියොත්

http://en.wikipedia.org/wiki/Charles_Manson