Wednesday, October 1, 2008

වන ගත වීම

වර්තමාන සමාජය තුල සිටින බොහෝ මිනිසුන් ජීවත් වන්නේ සතුටින් නොව ජීවත් වීමේ ඔනෑවට දැයි විටෙක සිතේ. මන්ද ඔවුන් ජීවත් වීමට සිදුව ඇත්තේ තමන්ට අවැසි ලෙස නොව සමාජයට ඔනෑ ආකාරයටය. ජීවත්වීම සදහා රැකියාවක් ක‍රන අය බොහෝ විට ජීවිතය දමන්නේ දෙවැනි තැනටය. මොවුන් සියලු දෙනාම පාහේ සාමාජය විසින් ඇති ක‍රනු ලැබූ යාන්ත්‍රික පද්ධතියේ අනු කොටස් වැනිය. බොහෝ දෙනෙකුට මෙහි ඇති කටුක බව දැනෙන නමුත් එය අවබෝධ කොට ගන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. ඒ අය අත‍රිනුත් ඉතා අතලොස්සක් මෙම සම්මත රාමුව බිද දමා යෑමට උත්සාහ ක‍රයි(බොහෝ විට සමාජය පිස්සන් යැයි හංවඩු ගසන්නේ මොවුන්ය). අපගේ කථා නායකයා ද එවැන්නෙකි. එසේ නම් දැන් අපි ඔහු දෙසට යොමු වෙමු.

ක්‍රිස්ටොපර් ජොන්සන් මැක්න්ඩලස්(Christopher Johnson McCandless) - ක්‍රිස් ඉපදුනේ 1976 පෙබ‍රවාරි මස 12 දා දකුණු කැලිෆෝනියාවේ(Southern California) දීය. ඔහුට සිටියේ එක් නැගණියක් පමණි. ඔහුට වයස අවුරුදු 6 දී ඔවුන් වර්ජීනියාවට(Virginia) පැමිණි අත‍ර ඔහුගේ පියා නාසා ආයතනයේ ඇන්ටෙනා විශේෂඥයෙකු ලෙස සේවය කලේය. මව ගුවන් සේවා ආයතනයක ලේකම් ව‍රියක ලෙස සේවය කලාය. ක්‍රිස්ගේ ගෙද‍ර පවුල් පසුබිම එත‍රම් යහපත් එකක් නොවීය. නිත‍රම ඔහුගේ දෙමව්පියන් අඩ දබ‍ර ක‍ර ගත් අත‍ර සමහ‍ර දින වලදී එය හමාර වුයේ ගුටි බැට හුවමාරුවකින් පසුවය. මෙ වැනි සිද්ධීන් නිසා සමහ‍ර අවස්ථා වලදී ඔවුන් වෙන් වීමට ද තීරණය කල නමුත් එය සිදු වුයේ නැත.

පාසල් කාලයේදී ඔහුගේ සිත යොමු වී තිබුනේ විඤාන වාදය, දව්යන්ගේ පැවැත්ම පිලිබඳව වැනි විෂයන් කෙරෙහි වූ අත‍ර උසස් පෙළදී හේ වන සංචාරකයෙකු ලෙසද පුහුණුව ලබා ඇත. ඔහුගේ උපධිය මානව විද්‍යාව හා ඉතිහාසයට අදාලව 1986 දී වූඩ්සන්(W.T. Woodson) පාසලෙන්ද 1990 දී එමොරි(Emory) විශ්වවිද්‍යාලයෙන් ලබා ගෙන ඇත. තමා ලබා ගත් උපාධියේ ශක්තිය තුලින් සම්පත් භෝගී ඇමරිකානු සමාජය තුල ඇති හිස් බව වඩාත් දැඩිව නින්දාවට ලක් කළේය. ජැක් ලන්ඩන්(Jack London), ලියො තොයිස්ටොයි(Leo Tolstoy), ඩබ්ලිව්. එච්. ඩාවීස්(W.H. Davies) හා හෙන‍්රි ඩේවිඩ් තෝර්ර්(Henry David Thoreau) වැන්නවුන් හේ අදහස් වලට දැඩිව ඇලුම් කලේය.

ඔහුගේ අරමුණ වූ ඇලස්කා වට වන ගත වීම ඇරඹුවේ 1992 අප්‍රියල් 28 වෙනිදාය. ඔහු තම වන ගත චාරිකාව ඇරඹුවේ "ඇලෙක්සැන්ඩර් සුපර්ට්‍රැම්ප්" නමින් අන්වර්ථ නාමයක්ද පට බැඳ ගෙනය. එලෙසම තම චාරිකාවේ සෑම මොහොතක්ම, තමන් ගේ ශ‍රීර සෞඛ්‍යය, මානසිකත්වය හා ප‍රිස‍රයෙන් එල්ල වූ අභියොග ආදී සෑම දෙයක්ම සටහන් ක‍ර තැබීම පුරුද්දක් ක‍ර ගත්තේය. ඔහුගේ චාරිකාවේදී ආහාර පාන හා අමත‍ර ආම්පන්න ඉතා අඩුවෙන් ගෙන යාමට ද හේ වඩා උනන්දු විය.

ඇලස්කා වනයට අතුලු වූ පසු දඩයක් කරුවන් විසින් ව‍රින් ව‍ර භාවිතා ක‍රන ලද බස් රථයක් තම තාවකාලික නිවහන ලෙස භාවිතා ක‍රන ලදී.එහිදී ඔහු සතු වූ දව්‍ය වූයේ රාත්තල් 10 ක සහල් මලුවක්, අර්ධ ස්වයංක්‍රීය තුවක්කුවක්, පතුරම් විශාල ප්‍රමානයක්, දේශීය පැලෑටි ගැන ලියවුන පොතක් සහ වෙනත් පොත් කීපයක්ය. වනයේ ඇති ගස් වැල් සහ දඩයමේන් තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීම ඔහුගේ අභිලාශය වන්නට ඇත.ඔහු වනගත වී දින 112ක් පමන රැඳී ඇතයි සැලකේ.

ප්‍රාණය නිරුද්ධ වූ ඔහුගේ සිරුර බස් රථය තුල තිබී හමුවූයේ ඔහු මිය ගොස් සති දෙකකට පමණ පසු මූස් වළසුන් දඩයම් ක‍රනා දඩයම්කරුවන් පිරිසකටය . මිය යන විට සිරුරේ බ‍ර රාත්තල් 67ක් පමණ වී යැයි සැලකෙන අත‍ර ම‍රණයට හේතුව වශයෙන් නිරාහාරව සිටීම යැයි ම‍රණ ප‍රීක්ෂණයේ සඳහන් වේ. නමුත් යම් විෂ පැලෑටියක්(කැලෑ අර්තාපල්) කැවීමේන් පසු ඇතිවූ ආහාර ගැනීමේ අපහසුතාවයෙන් මෙලෙස වුනි යැයි ද මතයක් පවතී.















ක්‍රිස්ටොපර් ජොන්සන් මැක්න්ඩලස් - ඔහුගේම කැම‍රාවකින් ගන්නා ලද ජායා රූපයකි.

බොහෝ දෙනෙක් ඔහු ගැන කනගාටු වන්නේ ඔහු කොම්පාසුවක් හා සිතියමක් භාවිතා නොකිරීම ගැනය. මන්ද එක ව‍රක් තම චාරිකාව අත‍ර මග නවතා ආපසු යෑමට සැරසුනත් ඒ සදහා එතෙර වීමට තිබූ ගඟ පිටාරය ගලා තිබූ බැවින් එය වැලකුනේය. නමුත් ඔහු ගඟ ත‍රණය කිරීමට උත්සාහ කල ස්ථානයට සැතපුම් 1/4ක් දුරින් අතින් ක්‍රියා ක‍රන ට්‍රෑම් රථයක් තිබී ඇත. තවද හදිසි අවස්ථාවකදී ගැනීමට ඇති ආහාර ගබඩාවක් ඔහු සිටි බස් රථයට සැතපුම් කීපයක් දුරින් තිබී ද ඇත. ඔහු සතුව සිතියමක් තිබුනේ නම් මේ සියල්ල දැන ගැනීමට ඔහුට හැකි වනවා සේම පහසුවෙන් දිවි රැක ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

මට මේ සිද්ධිය දැන ගන්න හම්බුනේ "Into the Wild" කියන චිත්‍රපටිය බැලුවට පස්සේ. කොහොම නමුත් චිත්‍රපටියේ සමහ‍ර සිදුවීම් අතිශෝක්තියෙන් තියෙනව කියල තමයි හිතෙන්නේ. උදාහ‍රණයක් විදියට "ටේසී " කියන ගෑනු ළමයගේ කතාව
චිත්‍රපටියේ අලංකාරය පිනිස යොදාගෙන තියෙන්නේ. අනික ක්‍රිස්ගේ ච‍රිත ලක්ෂණ අනුව මේ ත‍රම් සාර්ථක විදියට පුද්ගල, සාමාජ සම්බන්ධතා ඇති ක‍රගන්න පුලුවන්ද කියල සැකයකුත් හිතෙනවා. කොහොම නමුත් මේකෙ ක්‍රිස්ගේ ච‍රිතයට පන පොවන එමිලේ(Emile Hirsch) වචනයෙන් කියන්න බැරි ත‍රම් සාධාරණයක් ක‍රල තියෙනව කියල කියන්න පුලුවන්.

චිත්‍රපටියේ එන ගීත ගැනත් විශේෂයෙන් කියන්න ඔනි. ඒ ගීත වලින් ලැබිල තියෙන ආලෝකය කියල වැඩක් නෑ. පර්ල් ජෑම්(Pearl Jam) සංගීත කන්ඩායමේ නියමු ගායක එඩී වෙඩ්ඩර්(Eddie Vedder) ගේ සංවේග ජනක කට හඩ හොදට ගැලපෙනව මේකෙ කතාවත් එක්ක. "No Ceiling, Society" කියන ගීත නම් මරු.

මේක බලලා අන්තිමට මට මතක් උනේ, අනේ ධ‍ර්මය තියෙන රටක මොහු ඉපදුනා නම් කොච්ච‍ර වාසනාවක් ද කියල.මොකද මොහුට අවබොධ කිරිමේ හැකියාව තිබුනට ධ‍ර්මය නැති රටකනේ ඉපදුනේ.

*මේ චිත්‍රපටිය ගැන කීවට මධූ නංගිට ස්තූතියි.

වැඩි විස්තර සඳහා:

http://en.wikipedia.org/wiki/Christopher_McCandless
http://en.wikipedia.org/wiki/Into_the_Wild_(film)
http://en.wikipedia.org/wiki/Into_the_Wild

10 comments:

  1. ඔහු ඇලස්කාවට වනගත වීමේ අරමුණ මට අපහැදිළියි

    ReplyDelete
  2. සිරාම ෆිල්ම් එකක් මචන්. මාත් බැලුව මාස කීපෙකට කලින්. අර කිව්ව්ත් වගේ අපිට ලැබිල තියන දේ වටිනාකම දැනෙන්න්නෙ මේවගේ කතා අහද්දි තමා... අපරාදෙ අසරණයා!

    ReplyDelete
  3. ලයිෆ්,
    ඔබ ලිපිය සම්පුර්ණයෙන් කියෙව්වද?
    ඇත්තටම ඔහු මේ සමාජය ගැන කලකිරිල හිටපු නිසා තමයි වන ගත උනේ. ආසාවන්ම පස්සේ යන සමාජය ගැන එපා වේලා ඉදලා තියෙන්නේ.
    ඔකට හොද පිළිතුරක් තියෙනව චිත්‍රපටියේ මේ දෙබසේ.

    Cause you know
    what I don't understand?

    I don't understand why people,
    why every f***ing person
    is so bad to each other so fucking often.

    It doesn't make sense to me. Judgment.

    Control. All that, the whole spectrum.

    ඒ වගේම තවත් තැනක මෙහෙම කිනවා

    I'm gonna be all the way out there,
    all the way f***ing out there.

    Just on my own.

    You know, no f***ing watch,
    no map, no ax, no nothing. No nothing.

    Just be out there. Just be out there in it.

    You know, big mountains, rivers,
    sky, game.

    Just be out there in it, you know?
    In the wild.

    You're just living, man.

    ReplyDelete
  4. ආලෝක,
    ඔව් මචං මටත් හ‍රිම දුකක් ඇති උනා මේ ෆිල්ම් ඒක බැලුවාම, සමහ‍ර අවස්ථා වලදි කදුළුත් ආවා. මේක ඇත්ත කතාවක් කියල දැන හත්තාම නිකන් පපුව හිර උනා වගේ දැනුනා. අපි කොයිත‍රම් වාසනාවන්තද.

    ReplyDelete
  5. මම මේක තාම download කරනවා.
    බලමු. ඇත්තටම ඔහු අපේ රටේ ඉපදුණානම් මෙහෙම ඉරණමක් අත් වේවිද?

    ReplyDelete
  6. ලයිෆ්,
    බලන්න, බලන්න
    ඔහු අපේ රටේ ඉපදුනා උනත් මේ ඉරණම අත්වෙන්න තිබුනා. ඒක තීරණය වෙන්නේ ඔහුගේ කර්ම ශක්තිය සහ ඔහු තොරාගන්නා මාර්ගය අනුව.

    ReplyDelete
  7. ඇත්තටම අයියෙ මම මෙක කලින් බලලා තිබුනට ඔයාගෙ මෙ ලිපිය කියෙව්වාම මට ආයෙත් සැරයක් බලන්න හිතෙනවා.ඔයා කියනවත් වගේ මටත් අන්තීමට හිතුනෙ ඔයාට හිතුන දේම තමයි :) "ධ‍ර්මය තියෙන රටක මොහු ඉපදුනා නම් " කියලා

    ReplyDelete
  8. ඔව් නංගි මේ ෆිල්ම එක බලද්දී ඔහු ගැන පුදුම අනුකම්පාවක් ඇති උනා එකයි. මේ ගැන වඩා උනන්දුවෙන් ටිකක් හොයල බැලුවෙ.

    ReplyDelete
  9. hm man dannawa mama godak parakku wela thama me film ekayi me blog site ekayi dakke..aththtama jiwithaya kiyanne mokakkda kiyla awaboda karapu lassana kathawak.,loku loku balaporoththu nathi, sahallu,nidahas jiwithyak kiynne thamange wathkam walin maninna puluwan deyak neweyi......eka hariyata nikan ape hadawatha uparimayatama pirunu maha sahllu bawak! aththamayi mama me film ekenuth a deya athwinda..mama me film eke asama karana debas tikak..

    "I'm gonna miss you when you go"

    "I'll miss you, too, Ron.
    But you're wrong if you think"

    "that the joy of life comes principally
    from human relationships"

    "God's placed it all around us.
    It's in everything"

    "It's in anything we can experience,People just need to change the way
    they look at those things"

    mokada mamath badeem nisa jiwithe vidawana ganata watunu kenek..mama kiyanne naa badeem jiwithayata hoda naa kiyala, namuth apita puluwannam api kochchara adaraya karana kenekwa unath hithin thadata allaganne nathiwa sahalluwen a ayath ekka adaraya beda ganna....edata apen kauru wenwela giyath kauru apith ekka ekathu unath ape hitha sahalluwata,sathutin thiyewi..

    "HAPPINESS ONLY WHEN SHARED"
    'CHRISTOPHER JOHNSON MCCANDLESS'

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete