දැන් බලන්න අද කාලේ මිනිසෙක් වෙලා ඉපදුනාම එයාට තියෙන බලාපොරොත්තු මොනවද?
මුලින්ම හොඳ පාසලකට ගිහින් හොදට ඉගෙන ගන්නවා. ඊට පස්සේ වැඩි දුර අධ්‍යාපනයට යොමුවෙලා හොඳ රැකියාවක් හොයාගෙන සල්ලි ටිකක් හම්බකරල ඊලගට විවාහ වෙනවා. ඊට පස්සේ දරු මල්ලො හදාගෙන ජීවත් වෙන එක තමයි එයාගෙ අරමුණ. ඉතිං මේ වගේ ජීවිතයක් ගෙවන ඔහු සෝවන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් වෙන්න ඔනි කියල අංශුමාත්‍රයක හෝ අරමුණක් ඇතිවෙන්නේ නෑනේ. ධර්මය යන්තම් හෝ දන්න කෙනා නම් මේ ගැන දන්නව. අද මේ තියෙන ධර්මය අපිට ලැබුනේ අහම්බෙන් ලැබුන වාසනාවක් නිසා. ඒක බොහොම ලස්සන වගේම දුකත් හිතෙන කථාවක්.
මීට අවුරුදු 2000 ට විතර ඉස්සර ලංකාවට වැඩම කරපු මිහිදු මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද බුද්ධ ධර්මය මෙහෙ ස්වාමීන් වහන්සේලා කට පාඩමින් තමයි රැකගෙන ඉඳල තියෙන්නේ. කාලයක් ලංකාවේ දුර්භික්ෂයක් ඇතිවෙලා තියෙනවා. ඒ කාලේ කුසට කිසිම ආහාරයක් නැතුව 12,000 ක් පමණ රහතන් වහන්සේලා පිරිසක් සිතුල් පව්ව උඩ පිරිනිවන් පාල තියෙනවා. මේ නිසා ඉතිරි ස්වාමින් වහන්සේලාගෙන් කොටසක් දකුණු ඉන්දියාවට වැඩමකරල. ලංකාවේ උන්නු ස්වාමින් වහන්සේලා පිරිස වෙරළට ඇවිල්ලා වැටකෙයියා ගස් මිරිකලා ගත්තු යුෂ වළඳලා දිවි රැකගෙන තමයි මේ ශ්‍රී සද්ධර්මය කට පාඩමින් රැකගෙන තියෙන්නේ.
දුර්භික්ෂ සමය අවසන් උනාට පස්සේ දකුනු ඉන්දියාවට වැඩිය ස්වාමීන් වහන්සේලා පිරිස නැවත ලංකාවට වැඩම කලා. ඊට පස්සේ දෙපිරිස එකතුවෙලා ධර්ම දැනුම පිළිබඳව පරීක්ෂා කලාම(ධර්ම සංගායනාව) දෙගොල්ලන්ගෙම දැනුම නිවැරදිව තිබුනා. ඉතිං මේ රහතන් වහන්සේලාට ලොකු අවදානමක් දැනුනා "මේ වගේ අනතුරක් අනාගතයේදී ඇතිඋනොත් මෙලෙසම බුදු දහම රැකේවිද?" කියලා.
ස්වාමීන් වහන්සේලා, රහතන් වහන්සේලා එකතුවෙලා "අප මුලින් රැකිය යුත්තේ පරියාප්තිය ද?, ප්රතිපත්තියද ?" ඒ කියන්නේ බුද්ධ වචනයද? නැත්නම් එය අනුගමනය කිරීමද? කියලා සාකච්ජා කලා. කොටසක් පැවසුවා පරියාප්තිය කොච්චර තිබුනත් වැඩක් නෑ ප්‍රතිපත්තියයේ යෙදුනොතින් තමයි මේ ධර්මය රැකෙන්නේ කියලා. එතකොට එතන වැඩ සිටපු රහතන් වහන්සේලා නැගී හිටලා පැවසුවා "නෑ, ප්‍රතිපත්තිය අපට හරිගස්ස ගන්න පුලුවන් හරියට පරියාප්තිය තියෙනවා නම්".
ඊට පස්සේ තීරණය කලා කට පාඩමින් ගෙන ආපු බුද්ධ වචනය ලියන්න ඕන කියලා. දැන් පාලි භාෂාව කට පාඩමින් දන්නවා නමුත් පාලි අකුරු දන්නේ නෑ ඒක නිසා පාලි වචන සිංහල අකුරු වලින් ලිව්වා. මේන්න මේ හේතුව නිසා තමයි පාලි භාෂාවට අකුරු නැත්තේ. ඔන්න ඔය ආකාරයට තමයි මාතලේ අළු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන්න මූලික අඩිතාලම වැටුනේ. ඊට පස්සේ තමයි තායිලන්තය, බුරුමය ආදී රටවල් ඒ අයගේ අකුරු වලින් ත්‍රිපිටකය පරිවර්ථනය කලේ.
බලන්න, නැතිවෙන්න ඔන්න මේන්න කියල තිබිලා අපේ වාසනාවට නූලෙන් බේරුනා. අන්න ඒකයි මේක අහම්බෙන් ලැබුන වාසනාවක් කියල මුලදිම සදහන් කලේ. එහෙම ලැබුන වාසනාවටත් පයින් ගහනවා කියන්නේ ඒක ඒ පුද්ගලයගේම අවාසනාව තමා ඉතිං.
෴෴෴෴
ඇත්තෙන්ම මේ ධර්මය රැක ගැනීමට මොන තරම් කැපකිරීමක් කලාද කියන කාරණය බොහෝ දෙනෙක් දන්නේ නෑ. ලංකාවේ වැඩ සිටි ස්වාමින් වහන්සේලා පිරිස වෙරළට ඇවිල්ලා වැටකෙයියා ගස් මිරිකලා ගත්තු යුෂ වළඳලා මේ ධර්මය සජ්ඣායනා කලා. ඒ සජ්ඣායනා කරගැනීම ට වත් උන් වහන්සේලාට ශක්තියක් තිබුනේ නෑ. ඒ කලේ උන් වහන්සේලා වෙරලේ සැතපුනා එක් නමකගේ සිරස අනිත් ස්වාමින් වහන්සේගේ සිරස ලන් වන පරිදි සැතපිලා හිමිට මේ ධර්මය සජ්ඣායනා කලා. එසේ කලේ මේ ධර්මය අමතක නොකර රැක ගැනීම ට යි.රැපා අයියාට බොහෝමත් ම පින් මේ කාරණය අපි හැම ට ම දැන ගැනිම පිණිස මේ ආකාරයෙන් පළ කලාට.
ReplyDeletemachan rapa....
ReplyDeleteprashna godai ban....
"wasanawa" (lucky) kiyana de gena budu hamuduruwo kohe hari kyiala tiyenawada?
sadu sadu! chirathkalayak me dahama rakewa!!!
ReplyDelete