අද මේ සමාජය කල්පනා නොකරන, සම්මා සතියෙන් තොර වූ විපරීත මනසකින් යුත් සමාජයක් බවට පත්ව ඇති බව ඉතා පැහැදිලියි, මේ සමාජය අද සින්දුවෙන්, පන්දුවෙන් නැළවෙන සමාජයක් බවට පත් වෙලා. රටේ අනාගතය භාරගන්නා තරුණ පරපුර වල්මත් වූ අභිනක් බවට පත් වෙලා, පත් කරලා. ටැලිෆොන් කනේ ගහ ගත් ඔවුන් ජේ. ආර්. ජයවර්ධන මහතා ගේ(1) ප්‍රාර්ථනය දැන් ඉෂ්ට කරමින් ඉන්නවා. උන්ගේ එකම අභිලාෂය සුපර් ස්ටාර්ලා වීමයි. ඔවුන්ගේ මානසික ආහාර බවට පත්ව ඇත්තේ මේ රටේ විවිධ චැනල්වලින් පිටාර ගලන කුණු ඔජසයි. මේ විනාශය ඇරඹුවන් විසින් මෙය ජනප්‍රිය නුතනත්වය යන සාඩම්බර වදනින් බවුතීස්ම කරන බවට ද පෙනෙන්නට තිබෙනවා.
අපේ තරුණ පිරිස මේ විනාශයෙන් මුදා නොගත්තොත් අප පතන බුධිමය සංවාදය හො අලුත් ලංකාවක් පිළිබ්දව හෝ කතා කිරීම මිරිගුවක්.
-පසුගිය දිනෙක කඹුරුපිටියෙදී පවත්වන ලද රාජ්‍ය සාහිතය උත්සවයේදී ගුණදාස අමරසේකරයන් විසින් කල දේශනයේ සංයුක්තයකි.
(1) 1983 දී පළමු විධායක ජනාධිපති, ජේ. ආර්. ජයවර්ධන මහතා මාතර පැවති වාර්ෂික උත්සවයකට සහභාගීවී පැවසුයේ "මේ සාහිත්‍ය හැදෑරීමෙන් පලක් නෑ. මේක හදාරා ටැලිෆොනයක් ගන්න පුලුවන්ද? මොටෝ බයිසිකලයක් ගන්න පුලුවන්ද? මේක පලක් නැති වැඩක්."
අනේ මන්දා අයියේ......රටේ ඉන්න තරුණ කොල්ලො කෙල්ලො ටික
ReplyDeleteනන්නත්තාර වෙලා............ගුණදාස අමරසේකර මහත්තයගෙ කතාව නම් පන්කාදුයි......අනේ!! අපේ රටේ ඉන්න උන් මෙක තෙරුම් ගන්නවානම්...නේද?
sampooorna aththa..... eth ape modayanta eka therenne nane.....
ReplyDeleteමධු නංගි, අද මේ රටේ ජනමාධ්‍ය උනත් යන්නේ බොහෝ විට වානිජ පරමාර්ථම ඉලක්ක කරගෙන ද කියල වෙලාවකට හිතෙනව. මොකද ගුණ, අගුණ මේ කොයිකත් ගෙනල්ල දානවනේ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම.
ReplyDeleteහදයා, ඇත්තටම මචං මේක ගැන නොතේරෙනවට වඩා දැන් තියෙන්නේ ඇබ්බැහි වීමක් වගේ පේන්නේ. මොකද මම ඔනි තරම් දැකල තියෙනව මෙවට බැන බැන, යන වෙලාවට බලන උදවිය.
ReplyDeletepasugiya dawasaka mata puduma hithuna rapa.......ape minissunge vindanaya monathrama mota welada kiyala.............
ReplyDeletemeka thama JR pewathmak nethi prathpattiwala awasana palayan........
siduweema thama...... sri lankeeya abhimanaya kiyaganna nalikawak ......newathth 8.30 pm band ekata SINHALA hada kevu indian drama ekak play kireema........
apa kavuruth danna paridi..sinhala hada kevu .......me wage pahath pele nirmana walata pasugiya kala seemawedi janathawa thulinma virodayak athi una.......janathwa wisinma mewa wamanaya karana mattamata peminiya.........(ITN eke drama tikata pinsidda wenna, hebai mama ewa hodai kiyanawa nowe....)ethin mewan pasubimakadeeth...me wage buru MGT decision gannawa nam.....
meyala kriyathmaka wenne monathran.....adurakada kiyala terenawa neda..........
hethuwa.....me katawath harayak dena yamak karanna ona ne.......
sahitya kiyanne......minisage buddhiyath ekka samapatha wanadeyak..........namuth mudalmaya samajaye diyunuwath ekka...edirita pemini....media.hemadama janathawata karrot alayak pennala......unge madi tarakaragatha misak minisata dun deyak ne........
දියුණු වූ සෑම රටක්ම අනුගමනය කළේ තමන්ට ආවේණික සහ තම සංකෘතියට නොරිද්දූ ක්‍රමවේද යොදා ගනිමින්.
ReplyDeleteනමුත් තවමත් අපේ රටේ උදවියට මේ යතාර්ථය තේරුම් ගැනීමට නොහැකි වී තිබෙන හැඩයි. බටහිරින් එන සෑම කුණක්ම හිස් මුදුනින් පිළිගෙන අපේ රටට ඒවා වඩාත් ගැලපේයැයි අන්ධ විශ්වාසයෙන් කටයුතු කරන ඇත්තන් මුල් පුටු වල සිටින තාක් කල් අපේ රට මේ තත්වයෙන් මුදා ගැනීම සිහිනයක් පමණයි.
මේ බටහිර කුණුකන්දල් සමාජගත කිරීම පිළිබඳ වැඩි දායකත්වය සපයන්නේ ජනමාධ්‍ය විසින්. බටහිර මුදුන් මුල ඇති බහුජාතික සමාගම් මෙම බහුරූ කෝළම් වලට මසුරන් වලින් අනුග්‍රහ කරන නිසා මාධ්‍ය ආයතන කිසිදු හිරිකිතයකින් තොරව මේවා සමාජගත කිරීමෙහි යෙදී සිටිනවා.
මේ ක්‍රමය නැවැත්වීමටනම් රාජ්‍ය බලපෑම අනිවාර්ය බවයි මගේ මතය.
ඉතාම වටිනා blog ලිපි මාලාවක් ඇරඹීම ගැන සහෝදරයෙක් හැටියට මම උඹ ගැන සතුටු සහ ආඩම්බර වෙනවා මචං
පරා, හපෝ ඔය ගොන් දෙපැයවල් ගැන නම් කුමට කතාද?. මේ ලගදි සජීවී වැඩසටහනකට කතා කරපු පොඩි ගෑනු ළමයෙක් මහ උජාරුවෙන් කිව්වා මම නම් පොත් කියවන්නේ නෑ කියල. බලන්න මෙයාලගෙ අනාගතය ගැන. මට නම් හිතා ගන්නවත් බෑ. අපි කොච්චර දැනුමක් ගත්තද පොත් කියවල.
ReplyDeleteලයිෆ්, මෙවට රජයෙන් හ්රි මැදිහත් වෙලා වැඩ පිලිවෙලක් යොදන්න ඔනි. ඒත් වැඩක් වෙයිද මන්ද ඉතින්. සල්ලි තියෙනවනම් ඉතින්...
ReplyDelete