Tuesday, March 31, 2009

ඇදහීම හා සරණයෑම

අපේ සමාජය දිහා බැලුවම පේන්න තියෙන දෙයක් තමයි අපෙ උදවියෙන් බොහෝ දෙනෙකුට ධර්මය මතක් වෙන්නේ විපතක් හෝ කරදරයකට පත් උනහම. මේ කියන දෙය හැමොටම අදාල නොවෙන්න පුලුවන් හැබැයි බහුතරය මේ වගේ.

මෑත කාලීනව උන සිදුවීම් දෙකක් දැක්කට පස්සෙයි මට මේක ලියන්න හිතුනෙ. එකක් අපේ ක්‍රිකට් කන්ඩායම අවසනාවන්ත ලෙස ත්‍රස්තවදී ප්‍රහාරයකට ලක් වීම. අනික උපුල් ශාන්ත සන්නස්ගලට සිදු කල හදවත් සැත්කම.

පලමු කාරණයේදී අපිට උනේ කල ගුණ සලකන්න ගිහින් කෙල වෙන්නෙ නැතුව යන්තම් බේරිලා එන්න. කොහොම හරි අපේ කට්ටිය ගුවන් තොටුපොලට ඇවිල්ල එහිදී තියපු මාධ්‍ය සාකච්චාවෙදි මහේල ජයවර්ධන පැවසුවේ "මම බෞද්ධයෙක් වශයෙන් අපි බේරුනේ පෙර කල පිනකට කියා සිතනවා" කියල. ඒ කතාවෙ වරදක් නෑ කියමු.

වඩා දරුණු ප්‍රකාශය කරල තිබ්බේ උපුල් ශාන්ත සන්නස්ගල. ඔහුගේ සැත්කමෙන් පස්සේ පුවත් පතක් එක්ක කරල තිබ්බ සම්මුඛ සාකච්චාවකදි මෙයා කියල තිබ්බා මෙන්න මෙහෙම "ඉස්සෙල්ල ගිය බස් එකෙන් මාව දාල ගියා. ඊට පස්සේ ආපු බස් එකේ මම එල්ලුනා. මෙකෙ කලින් බස් එකේ කරපු කිසි දෙයක් කරන්න බෑ. මේක බොහොම බෞද්ධ බස් එකක්. මස් මාළු නෑ එළවළු විතරයි කන්න පුලුවන්"

මෙයා හිතනවද දන්නේ නෑ බෞද්ධයෙක් වෙන්නේ නිර්මාංශ උනාම කියල. එක අතකට මෙතුමා මේ වගේ දෙයක් කිව්ව කියල පුදුම වෙන්න දෙයකුත් නෑ. පංතිවල සිංහලත් එක්ක කුනුහරුප උගන්න පුලුවන් කෙනෙක් ගැන කුමන කතාද?

නැවත ප්‍රධාන මතෘකාවට ආවොත්, ඕනිම කෙනෙක් අසරණ උනාම අන්තිමත පිහිට හොයන්නේ ධර්මයෙන්. ඒකට දොසක් කියන්න බෑ. වරද තියෙන්න ඒ කාරණය මතක් වෙන්නේ ඒ වගේ තත්වෙට පත් උනහම විතරක වීම. අන්න ඒතකොට බොධි පූජා, සෙත් කවි, දාන මෙකී නොකී හැම දෙයක්ම් බලෙන් කරන්නේ, ඊට පස්සේ අයේ අර පරණ තැටිය දානවා. නිතරම ධර්මයට අනුව ජීවත් වෙනව නම් ඒ කෙනාව අසරණ උන වෙලාවක උනත් ලේසියෙන් වැටෙන්නේ නෑ. ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්, විශාල වශයෙන් කැළඹෙන විලකට ගලක් වැටුනාම ඒ විල තවත් වේගයෙන් කැළඹෙනවා. නමුත් නිශ්චල විලකට ගලක් වැටුනත ඒ වගේ තදින් කැළඹෙන්නේ නෑ, ඒ වගේම නැවත ඉක්මනින්ම නිශ්චලතාවයට පත්වෙනවා.පෘතජනයාගෙ හිත මෙන්න මේ චංචල විල වගේ. හැම තිස්සේම කැලඹි, කැලඹි තියෙන්නේ.

ඉතිං ධර්මය ඇසුරෙන් අපිත් අපේ සිත් නිසල විලක් කර ගනිමු. එනම් ඇදහීම නොව සරණයම අපේක්ෂා කරමු.