Tuesday, July 7, 2009

HOME

















බත් මම වගේම මානවයෙක්, බුද්ධිමත් මානවයෙක්. මෙයට වසර බිලියන හතරකට පමණ පෙර පෘතුවිය ඇති වී තියෙනවා. එලෙසම වසර මිලියන දශම දෙකකට පමණ පෙර මානවයා බිහිවී ඇතැයි සැලකෙනවා. ඉතා හොඳින් කියවා බලන්න මේ ඔබගේ කථාවයි. ඉන්පසු තීරණය කරන්න කලයුත්තේ කුමක්ද කියා...

පෘතුවිය ආරම්භයේ දී එය ගිනිකඳු වලින් දැවෙමින් එයින් පිටවන දුමින් හා එමගින් සෑදුන ලවණ මගින් වසා පැතිරින. මෙලෙස බොහෝ කාලයක් පැවතීමෙන් අනතුරුව පෘතුවිය ක්‍රමයෙන් සිසිල් වෙන්න පටන ගත්තා. එයට ප්‍රධාන හේතුව වූයේ පෘතුවිය සූර්යයාට ඉතා දුරිනුත් ලඟිනුත් නොවන ලෙසට ගමන් මාර්ගයකට පැමිණීමයි. එමගින් වාෂ්ප වශයෙන් පැවති ජලය ද්‍රව හා අයිස් බවට පත් වුන අතර ගඟා හා මුහුදවල් නිර්මාණය වුනා. කාලයක් තිස්සේ ගඟා මගින් ගෙන එන ඛනිජ ලවණ සහිත ජලය මුහුදවල් තුල එක් රැස් වීමෙන් එය ක්‍රමයෙන් ලවණ රසයට පත් වුනා.

මේ පරිසරය පෘතුවියේ මුලික ජීවිය ඇතිවීමට එනම් "Archeobacteria" බැක්ටීරියාව ඇතිවීමට පදනම වුනා. ඉන්පසු "Cyanobacteria" එහෙමත් නැත්නම් "Green Algae" සූර්ය්යාගේ ශක්තිය උරාගෙන තම පැවැත්ම සකස් කර ගැනීමට අනුවර්තනය වුනා. ඔවුන් තමයි වර්ථමානයේ සිටිනා සෑම ජීවියෙකුගේම මුතුන් මිත්තන් වන්නේ. මේ ක්ෂුද්‍ර ජීවින් විසින් පෘතුවිය මතුපිට පවතින කාබන් ස්තරය යට කොට දමනු ලැබුවා අනෙකුත් ජීවීන්ට එය මත තමන්ගේ පරිණාමය ඇතිවීම පහසු වනු පිණිස. එමෙන්ම වාතයේ ඇති දුමාරය අඩු වීමෙන් පෘතුවිය මතුපිටට සූර්ය්යාලොකය ලැබීමෙන් ජලය වීයෝජනය වී වාතයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහල ගියා.

ජීවීයේ සියළුම ක්‍රියා කාරීත්වයන් එකිනෙක බැඳී පවතින්නක්. වාතයේ හා ජලයේ පවතින සම්බන්ධතාවය ජීවයේ පැවැත්මයි. සියල්ල හුවමරුව මත යැපෙනු ලබයි. වෘක්ෂයන් බිහිවීම සඳහා අවුරුදු බිලියන හතරකට වඩා ගත වුනා. ජීවී දාමයේ ඉහලින්ම සිටින්නේ වෘක්ෂයන්. එය ශක්තිය නිෂ්පාදනය සඳහා ස්වාභාවධර්මය සතු මූලික හා එකම අවිය. වෘක්ෂයන් මගින් ලබා ගන්නා සූර්යය ශක්තියෙන් තම කඳ, අතු, ඉති සාදා අනෙකුත් ජීවයන්ගේ පැවැත්මට අවශ්‍යය ශක්තිය ආහාර ලෙස ලබා දෙනවා. එම ආහාර ලබාගන්නා අනෙකුත් ජීවීන් ගෙන පිටවන අපද්‍රව්‍ය මගින් නැවත එම ශාක වල වැඩීම සිදුවෙනවා. මේ චක්‍රය නොබිඳීව සමතුලිතව ගලා යනවා. අවුරුදු බිලියන හතරක් පැරණි පෘතුවියට අවුරුදු මිලියන දශම දෙකක් වයස මානවයා, බුද්ධිමත් මානවයා ඇතුළු වෙනවා. ඔවුන් මේ පෘතුවියේ සමතුලිතව ගලා ගිය චක්‍රය දැඩි වෙන්සකට ලක් කරනු ලබනවා. ඉතිහාසයේ කිසිම සත්වයෙක් නොකල ලෙසට.

මූලික අවදියේ දඩයම් කිරීම මගින් තම ජීවය පවත්වා ගිය ඔවුහු. පසු කාලීනව ව්‍යුහාත්මක ජීවන රටාවකට ඇතුළු වුන පසුව පරිසරයට අනුව තමා වෙනස් වීම නොව තමාට අවශ්‍ය ලෙස පරිසරය වෙන්ස් කිරීම අරඹනු ලැබුවා. ඔහුගේ පළමු සාර්ථක පියවර කෘෂිකර්මානතය සොයා ගැනීමයි. එය මීට අවුරුදු දස දහසකට පමණ පෙර ඇරඹුන්නක්. එමගින් ඔවුහු තමන්ගේ ආහාර අවශ්‍යතාවය ඉතා පහසුවෙන් ලඟාකර ගැනීමට හැකිවුනා. එයත් සමගම සිදුවුන දෙය නම් තැන තැන කුඩා ඒකක ලෙස විසිරී සිටි මානවයා සමූහ වශයෙන් ජීවත් වීම ඇරඹුවා. එනම් සාමාජ ක්‍රමය ඇතිවුනා.

විකල්ප ශක්තීන සොයාගිය ගමනේ දී වැදගත්ම සොයා ගැනීම භූගත තෙල් හමුවූමත් සමග සිදුවිනි. එමගින් මානවයාගේ ව්‍යාප්තිය ඉතා සීග්‍රලෙස වර්ධනය වෙන්නට පටන් ගැනුනා. පසු ගිය වසර හැටක කාලය තුලදී පෘතුවියේ මානව ඝනත්වය තුන් ගුනයකින් ඉහල ගොස් ඇති අතර එයින් බිලියන දෙකක පමණ ජනතාවක් නගරාශිතව ජීවත් වේ. චීනයේ ෂැන්සෙන් නගරය මිලියන ගනනක සිටිනා ජනාකීර්ණ නගරයක් වුවත් වසර හතලිහකට පෙර එය ඉතා කුඩා ග්‍රාමීය ප්‍රදේශයක්ව පැවතුනි.

"කළු රත්‍රන්" එසෙත් නොමැති නම් තෙල් සොයාගත් පසු එය යොදා කාර්යයන් කල හැකි යන්ත්‍ර නිර්මාණය කිරීම තුලින් තෙල් ලීටරයක් මගින් පැය විසි හතරක් තුල මිනිසුන් සිය දෙනෙකුගේ කාර්යයක් කිරීමට ඔවුනට හැකියාව ලැබිනි. එමගින් ඇමරිකා එක්සත් ජනපදයේ සිටිනා මිලියන දෙකක් පමණ වූ ගොවියන් හට බිලියන දෙකක පමණ පිරිසකට සෑහෙන ප්‍රමාණයේ ආහාර ප්‍රමාණයක් නිශ්පාදනය කරනු ලැබුවත් එම ධාන්‍ය බොහෝ ප්‍රමාණයක් යොදා ගැනෙනේ ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහායි. බොර තෙල් සමග පැමිනි පොහොර හා කෘමිනාශක භාවිතය මගින් වගාවන් ඉතා සාර්ථකව ව්‍යාප්ත වූ අතර එලදාව කිහිප ගුනයකින් වැඩි කර ගැනීමටද හැකි විය. පොහොර වලින් සන්තෘප්ත වී ප්ලාස්ටික් වලින් ආවරණය වූ "හරිතාගාර" මගින් ඔවුනට ස්වභාවධර්මයේ සෘතු වෙනස තවදුරටත් අභියෝගයක් නොවිනි.

ජනග්‍රහන ඝනත්වයේ ඉහල යෑමත් සමග ඉහල ගිය මාංශමය අහාර වල ඉල්ලුම සපුරා ලීම සඳහා "කඳවුරු" අකාරයේ සත්ව ගොවිපොලවල ඉඳිවිනි. සාමාන්‍යයෙන් අර්තාපල් කිලෝවක් නිශ්පාදනය සඳහා ජලය ලීටර සියයක් පමණ වැයවෙන අතර එය සහල් කිලෝවක් සඳහා ලීටර් හාරදහසක් පමණ වෙනවා. නමුත් ගවමස් කිලෝවක් ලබා ගැනීමට වැයවෙන ජල ලීටර් ප්‍රමාණය දහතුන් දහසක්.

වර්ථමාන සමාජය මූලිකවම යැපෙනු ලබන්නේ තෙල් මතයි. නමුත් මේ ලාබදායි සම්පත ඉතා ඉක්මනින්ම අවසන් වෙන දෙයක් බව අප සැවොම අමතක කොට දමා තිබෙනවා. මේ පාරිබෝගික රටාව අනුව සියළුම ඛනිජ සම්පත් මේ සියවස අවසන් වීමට ප්‍රථම අවසන් වීමට නියමිතයි.

නූතන කොලනියේ කැඩපතක් බඳු ඩුබායි දේශය, කල නොහැකියැයි සිතූ බොහෝ දේ කල හැකි දේ බවට පත්කල. කෘතිම නගර ඇතිකල ප්‍රමුඛයා වූයේ තම සතුව පැවති සීමිත ස්භාවික සම්පත් ප්‍රමාණය උපයෝගී කොට ගනිමින්. ඔවුන් මේ සියළු දේ සිදුකරනු ලැබුවේ තමන්ගේ ප්‍රධාන ආදයම් මාර්ගය වූ තෙල් සම්පත උපයෝගී කරගෙනයි. ජලය, ගොවිපොලවල් කිසිවක් නොමැතිවුවත් යහමින් මුදල් ඇති නිසා එය ඔවුනට ගැටලුවක් වූයේ නෑ. ඔවුනට පුරා වසර නොනවතින හිරු රැස් ලැබුනත් අවාසනාවකට එහි එකදු සූර්යය කෝෂයක් හෝ දක්නට ලැබෙන්නේ නැහැ. එය තවමත් සොබා දහම මත නො‍යැපෙන දේශයක්.

පසුගිය වසර හතලිහක කාලයක් තුල පෘතුවියේ විශාලතම වැසි වනාන්තරය වන ඇමසෝන්හි වන ඝනත්වය 20% පමණ අඩු වෙලා. ඒ සියළුම ප්‍රදේශ සොයා වගාව සඳහා යොදාගෙන. ජීවයේ පවැත්මට අත්‍යාවශ්‍යය ජලය, වාතය, පෘතුවිය හා සූර්යයා අතර බැඳීම මේ නිසා දරුණු ලෙස බිඳ වැටී තියෙනවා. මේ විනාශය සඳහා ප්‍රධාන ලෙසම බලපා තිබෙන්නේ සෝයා බෝංචි, ෆාම් තෙල් හා ලිපි ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන යුකැලිප්ටස් වගාවනුයි. මේවා මගින් වනානතර වල සමතුලිතතාවය බිඳහෙලනු ලබනවා. වනාන්තර ඝනත්වය අඩුවීම මගින් පෘතුවි උෂ්ණත්වය ඉහල යෑම මගින් සිදුවන ප්‍රධාන දෙය නම් මිදුණු ජල ඝනත්ව ප්‍රමාණය ඉතා සීග්‍ර ලෙස පහල යෑමයි.

  • පෘතුවියේ ඇති සම්පත් වලින් 80% ක් පරිභෝජනය කරනු ලබන්නේ 20% තරම් වූ ජන ප්‍රතිශතයක්.
  • දියුණු වූ රටවල් දියුණු වෙමින් පවතින රටවල් වෙත ලබා දෙන ආධාර ප්‍රමාණය මෙන් දොලොස් ගුනයක් ඔවුන්ගේ හමුදාමය කටයුතු සඳහා යොදනවනු ලබනවා.
  • අපවිත්‍ර ජල පරිභෝජනය මගින් දිනකට මිනිසුන් පන්දහසක් පමණ මිය යනවා.
  • බිලියනයක පමණ ජනයා බීමට පිරිසිදු ජලය හිඟ කමින් පෙළෙනවා.
  • 50% පමණ වූ අතිරිකත ආහාර ප්‍රමාණයක් සත්ව ආහාර ලෙස හෝ ජෛව ඉන්ධන සඳහා යොදා ගැනෙනවා.
  • හෙක්ටයාර මිලියන දහතුනක වැසි වනාන්තර ප්‍රමාණයක් සෑම අවුරුද්දකම පෘතුවියට අහිමිවෙන්මින් පවතිනවා.
  • ජෛව ප්‍රභේද වඳවීයෑමේ වේගය ස්භාවධර්මයේ අනුපාතය මෙන් දහස් ගුනයකින් වැඩි වී තිබෙනවා.
  • මත්ස්‍ය වර්ගවලින් 3/4 වඳවීමේ තර්ජනයට ලක්වී සිටිනවා.
  • පරිසර උෂ්ණත්වය පසුගිය වසර 15 තුල උපරිමයට ලංවෙලා.
  • අයිස් ඝනත්වය පසු ගිය වසර හතලිහ තුල 40%න් පමණ අඩුවෙලා. සාගර ජලමට්ටම ඉහල යෑම මගින් ලොව රටවල් ගනනාවක් යට වීමේ අනතුරට මුහුණපා සිටිනවා.

විනාශ වූ දේ ගැන කනගාටු වී පලක් නැත තවත් ඉතුරු වූ දේ ඇත. මානවයා හට නිවැරදි වීම සඳහා තවත් ඉතා සුළු කාලයක් ඉතිරිවී ඇත. ඒ වගකීම ඇත්තේ ඔබ අතේය. සියළු දෑ වගකීමක් ඇතිව පරිභොහෝජනය කරන්න. අවශ්‍ය වන්නේ ඔබගේ වෙනස් වීමයි. ඒසේනම් තවත් ඔබ බලා සිටින්නේ මන්ද?

පසු සටහන,
ඉහත සියළු දත්තයන් හා කෙටි විස්තරය උපුටා ගනු ලැබුවේ "‍Yann Arthus-Bertrand!" විසින් සැකසූ "HOME" නැමති වාර්ථා වැඩසටහනෙනි. වැඩි විස්තර සඳහා එම වාර්ථා වැඩ සටහන නරඹන්නේ නම් ඉතා සුදුසුය.

නිල වෙබ් අඩවිය (www.home-2009.com)

ඔබගේ දායකත්වය ලබා දෙන්න (www.goodplanet.org)

HOME නැරඹීම සඳහා


HOME බාගත කිරීමට:


http://archive.org/download/HOME_English/HOME__English_with_subtitles__512kb.mp4

Thursday, June 4, 2009

පොසොන් අසිරිය


ඒ ක්‍රි.පූ. තුන් වන සියවසයි. අනුරපුර යුගය, දෙවනපෑතිස් රජ සමයයි.විනෝදය පිණිස මුව දඩයමේ යන රජු මිස්සක පව්ව අසලින් මුවකු පසුපස ලුහු බඳී. මිස්සක පව්ව මත කහ වතින් දිලෙන මිහිඳු මහරහතන් වහන්සේය.

"තිස්ස තිස්ස" පව්ව මතින් නැගෙන ශාන්ත හඬකි. රජු නැවතී හැරී බලයි.

"සමණාමයං මහාරාජ ....."

"මහරජ අපි ඔබට අනුකම්පාවෙන් ජම්බුද්වීපයේ සිට මෙහි පැමිණි බුද්ධ ශ්‍රාවකයෝ වෙමු."


රජු අතින් දුනු හී ගිලිහෙයි. මුව පොව්වාගේ දිවි රැකෙයි. අනතුරුව ඉතිහාසයේ අපට හමුවන ප්‍රථම බුද්ධි පරීක්ෂණය ඇරඹෙයි.

'අඹ පැනය', 'ඥාති පැනය'......

පුළුල් බුද්ධිමය සංවාදයකි. ධර්මාවබෝධ ඥානයෙන් යුතු රජුගෙන් සාර්ථක පිළිතුරු.

පොසොන් සඳ එළියෙන් අප හෙළ - බොදු ලකුණ හෙළි කරවමින් "සුළු ඇත් පද උවම් සුතුර" හෙවත් "චුල්ල හත්ථි පදෝපම සූත්‍ර" දෙසුම ඇරඹෙයි.

ඒ රමණීයවූත්, ශාන්තවූත් පිරිත් ස්වරය සිරිලක ජන හදවත් දම් සිසිලෙන් නහවමින් මිස්සක පව්ව මතින් ගලා යයි.

උපුටා ගැනීම : සිංහල විකිපීඩියා

Wednesday, May 6, 2009

සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු


පින්වත් අනුරුද්ධ, තථාගතයන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විශ්මයට පත් කරවන්නට නොවේ. ජනතාව සුරතල් කරන්නට නොවේ. ලාබ සත්කාර, කීර්ති ප්‍රසංසා ලබා ගන්නට නොවේ. ජනතාව මා ගැන මෙසේ හඳුනා ගනිත්වා කියා නොවේ. ශ්‍රාවකයන්ගේ මෙලොව පරලොව යහපත පිණිසය. නිවන් මගේ හැසිරෙන්නට උනන්දු කරවීම පිණිසය.


අඳුරු ලොවට එළිය විහිද වූ හිරු කිරණ

අපි මේ ගෙවාගෙන ආව සංසාර ගමන ගෙවලා තියෙන්නේ බොහොම කරදර මැද්දේ. අපි ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපට කියා දුන්න නිසා. බුදු කෙනෙක් පහළ වෙලා මේ සංසාරෙ නොනවතින ගමන ගැන කියල එක නවත්තන, අවබෝධ කරන්න පුළුවන් කියල කියනකන් ඒ බව මේ ලොකේ කිසි කෙනෙක් දන්නේ නෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියලා කියන්නෙ අඳුරු ලෝකයට හිරු පායනවා වගේ එකක්.

බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ධර්මය කියලා දුන්න නිසා මේ ප්‍රශ්නෙ අපි දැන් දන්නවා. අපි මේ සංසාරේ ආවෙ අපායෙන්, අපායට මාරු වෙවී. අපි බොහෝ කාලයක් ඉන්න ඇති තිරිසන් ලෝකයේ, එකත් ඉවර වුණා. නිරයේ ඉන්න ඇති, ඒකත් ඉවර වුණා. මිනිස් ලෝකෙට ආවා. මෙකත් ඉවර උනොත්? ගෙවාගෙන ආව සංසාරේ අපිට නිවන් දකින ධර්මයක් අනුගමනය කරන්න බැරි උනා. ඔන්න දැන් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ විදියෙ අවස්ථාවක් අයෙ කොයි කාලෙ එයිද කියල හිතන්නවත් බැරි එකක්. ඒ තරමටම දුර්ලභයි. අපේ වාසනාවට අපේ අතපය හොඳට තියෙනවා. අපට යමක් කිව්වහම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නම් අපේ පැත්තෙන් අපි සම්පූර්ණයි.

අපේ වාසනාවට මේ ජීවිතය ගැන කතා කරන ධර්මයක් ඇහෙනවා. ඒ ධර්මය විකෘති වෙච්ච නැති එකක්. ඒ ධර්මය බුදු රජාණන් වහන්සේ නමකගේ ධර්මයක්. ඒ ධර්මය ලැබෙන වෙලාවෙදී අපි ඒ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න ඔනෑ. මේ අවස්ථාව ගිලිහී ගියොත් අපට මොකක් වෙයිද කියලා කියන්න බැහැ.

ඒ නිසා ජාති, ජරා, මරණ වලින් නිදහස් වීම පිණිස.
රාග, ද්වේශ, මෝහ ප්‍රහානය කිරීම පිණිස.
සක්කායදිට්ඨි, විචිකිච්ජා, සීලබ්බත පරාමාස දුරු කර ගැනීම පිණිස.

මේ ධර්මය තුළින් නුවණ මෙහෙයවීමෙන් උත්සාහයෙන් වීර්යයෙන් යුතුව එක්වරම චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගන්නවා කියලා හිතට ගන්න නුවණැති සියල්ලන්ටම හැකියාව ලැබේවා!!!



නැවතුම සොයා...

Tuesday, April 21, 2009

අලුත් අවුරුද්දේ අලුත් වීම

බක්මහ උළෙල, සූර්ය මංගල්‍ය ආදී නම් වලින් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ අලුත් අවුරුද්ද පිළිබඳ කෙටි සටහනක් තියන්න හිතුවා. මෙහිදී පළමුව මෙම සංස්කෘතික උත්සවය ගැන හැඳින්වීමකුත් පසුව වර්ථමානයේ එහි හැඩයත් විමසා බලන්න උත්සාහ කරමු.

සිංහලයන්ගේ
අලුත් අවුරුදු උදාව සැමරෙන මෙම උත්සවය බොහෝ දෙනෙකු සිතා සිටින්නේ ඉන්දියාවෙන් අපට ලැබුනු බවකි. නමුත් එය රවණා අධිරාජයා ජීවත් වූ යුගය කරා යන්නකි. එකල හෙලයා හිරු දෙවියෝ ඇදහූ යුගයකි. මෙම කාල වකවනුව සූර්‍යයා ශ්‍රී ලංකාවට ලංවීයාම නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ මෙම කාල වකවානුව ඊට යොදා ගන්නට ඇත. මෙය හෙලයා විසින් අවුරුදු 5000ට අධික කාලයක් පවත්වා ගෙන එන අතර රාවණා අධිරාජයා හා ඉන්දියාවේ රාම කුමරු අතර පැවති සටනින් පරාජයවීමෙන් අනතුරුව ඉන්දියාවේ ඇති සංකෘතික ලක්ෂණ මෙම උත්සවය අවශෝෂණය වන්නට ඇත.

වර්තමානයේ සිංහල
අලුත් අවුරුද්දට ජ්‍යොතිෂවිද්‍යාව හැරුණු විට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ බුදු දහමයි (බුදුරජානන් වහන්සේ ජ්‍යොතිෂවිද්‍යාව බැහැර නොකලත් එයින් ජීවිතාවබොධයට පිහිටක් ලබාගත නොහැකි බැවින් ජ්‍යොතිෂවිද්‍යාව සරණ නොයන ලෙස අනුශාසනා කල සේක).
අලුත් අවුරුදු උදාවට ප්‍රථම පැමිණෙනෙන කාලය වෙන් කොට ඇත්තේ ආගමික කටයුතු සඳහාය. මෙය පුණ්‍ය කාලය ලෙස හඳුන්වයි. වසරේ අනෙකුත් දින වැස්සකට පවා පන්සල් නොයන අය මෙදින තෙල්, මල්, හඳුන්කූරු රැගෙන පවුලේ අය සමග පන්සලට යනු දැකිය හැක. අවුරුදු ලං වෙන විට ගෙවල් දොරවල්, බඩු මුට්ටු, අලුත් ඇදුම් පැලදුම් ද පවුලේ සාමාජිකයන් උදෙසා මිලදී ගැනීමට අමතක නොකරයි.
අලුත් අවුරුදු උදාවත් සමග ඉන්පසු පැමිණෙන්නේ ආහාර අනුභවය හා ගනුදෙනු කිරීමයි. මෙහිදී වසර පුරා තම අවශ්‍යතාවයන්ට ජලය සැපයූ ලිඳ සමග ගනු දෙනු කිරීම ප්‍රථමයෙන් සිදු කරන්නේ අප මහා බෝසතානන් වහන්සේ බුද්ධත්වයට පත්ව. ඒ සඳහා තමන් වහන්සේට සෙවණ සැලසූ ඇසතු බෝ රුක වෙත කල අනිමිස ලෝචනය සිහි කරමිනි. ඉන්පසු පවුලේ සැවොම එකට හිඳ ආහාර ගෙන වැඩිහිටියනට බුලත් හුරුල්ලක් දී වැඳ නමස්කාර කරනු ලබයි.

ඉන්පසු උදාවෙන හිසතෙල් ගෑමේ උත්සවයේ දී පවුලේ වැඩි හිටියෙකු විසින් සියළුම දෙනාගේ හිසට නානු ගා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනු ලබයි (අතීතයේදී මෙන්ම තවමත් සමහර පලාත්වලදී මෙම උත්සවය සිදු වන්නේ ගම පන්සලේදීය). අවුරුදු සමයේ අසල් වාසීන්ට හා නෑදෑ හිතමිතුරන්ට කැවිලි පිඟානක් ගෙනයාම මගින් බුදු දහමේ ඇති දානයේ වැදගත් කමද මනාව ඉස්මතු කරයි.

මේ ආකාරයෙන් අතීතයේ සිට ගලා ආ
අලුත් අවුරුදු සමයට වර්ථමානයේ සමාජීය වෙනස් වීමක් සමගම ඇතිවී ඇති වෙනස් කම් හා ඇතුළු වී ඇති නව අංග ගැන විමසා බලමු. මේ ගැන කදිම විග්‍රහයක් කර තිබුනේ ආචාර්‍ය ධම්ම දිසානායක මහතාය. "අද ගමට අවුරුද්ද ගෙන එන්නේ නගරයෙනි. නගරයේ නෝනලා පැමිණ ගමේ තරුණ ගැටිස්සියන්ට රබන් කවි කියමින් රබන් ගසන්නට උගන්වති. බොහෝ විට මේ සඳහා රබන් ගෙන එන්නෙද නගරයෙනි. අවුරුද්ද පුරා ජීන්ස් ඇන්ඳ එම ලඳුන්ට එදිනට රෙද්ද හා හැට්ටය ඇඳීමට උගන්වති" යයි එතුමා කීවේය.

අවුරුදු උත්සව සංවිධානය කරනු ලබන්නෙද මහා පරිමාණ වෙළඳ ආයතන විසිනි. ඉන්පසු අවුරුදු උත්සවය කෙසේ වෙතත් ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ උපක්‍රමයක් බවට පත්කරනු ලබයි. සමහරු පවත්වන්නේ අවුරුදු උත්සව වෙනුවට අවුරුදු සැනකෙලිය (සැනකෙලි යනු බටහිරයන්ගේ විසින් ඔවුන්ගේ විනෝදය උදෙසා පවත්වනු ලබන්නකි. එහි
අලුත් අවුරුදු උත්සවයක ඇති හරයක් දක්නට නොමැත). මෙම සංවිධයාකවරු අවුරුදු අංග තෝරාගන්නේ ඔවුනට හා අනෙකුන්ට විනෝදය ගෙන දෙන එවා පමණි. සාමය, සතුට, සෞභාග්‍ය අතහැර විනෝදය පමණක් එක් කරයි (සතුට යනු විනෝදය නොවේ). එය ඔවුන්ගේ මඩි තර කර ගැනීමේ තවත් එක් උත්සාහයක් මිස වෙන යමක් නැත.

අප අපගේ වටිනා සංස්කෘතිය රැකගෙන අනාගත පරපුරට ද උරුම කර දුන්නා යැයි මුලාවෙන්ම මෙවර අවුරුද්ද සැමරුවෙමු.

ප. ලි. - මේ අල්ලපනල්ලේ බස්නාහිර පලාත් සභා ජන්දයද ලඟ ලඟම එයි. මේ ගැන මසුරන් කතාවත් කරු පරණවිතාන මහතා කියා තිබුනි. එනම් මෙවර සිටිනා සියළුම ජන්ද අපේක්ෂකයෙකුගේම (මොන "බයිලා" කිව්වත්) සටන් පාඨය වී තිබුනේ "මට ජය වෙවා" යනුවෙනි.

මමත්වය ඉතා දරුණු ලෙස හිස ඔසවා ඇත.

Monday, April 6, 2009

Surplus

"අද ගැන හිතපං, හෙට යකාට ගියදෙං" යයි කිව්වේ ජිප්සීස් ගායක කන්ඩායමේ සුනිල් පෙරේරාය. ඔහු කියූ ලෙසම හෙට යකාට යමින් හෝ ගොස් ඇත.

අධි පාරිභෝගික සමාජය විසින් පරිසරය, මිලියන ගනනක් වූ ගහ කොල, සතා සිව්පාවුන් විනාශ කොට ඇත. සාගර, ගඟා, විල් විෂ වලින් පුරවා ඇත. වාතය දූෂණය කර ඇත. මුළු වායුගෝලයම කාබන්ඩයොක්සයිඩ් හා අනෙකුත් හානිකර වායූන්ගෙන් පුරවා ඇත. ඕසෝන් ස්ථරය සුන් කර ඇත. තෙල්, ගල් අඟුරු හා අනෙකුත් ඛනිජ ද්‍රව්‍යන් හිස් කරමින් පවතී. අපගේ සහ ඔවුන්ගේ වනාන්තරද විනාශ කර ඇත. තවත් අපට ඉතුරුවී ඇත්තේ මොනවාද?

මේ ගැන හොඳ කතා බහක් තියෙන වාර්තා වැඩසටහනක් බලන්න ලැබුනා. ඉතිං ඒ ගැන පුංචි සටහනකුත් තියන්න හිතුනා. මේ වාර්තා වැඩසටහනේ නම තමයි
Surplus Terrorized Into Being Consumers. Erik Gandini විසින් මෙය අධ්‍යක්ෂණය කර තිබෙනවා.

මෙහිදී ප්‍රධාන වශයෙන් අදහස් දක්වන්නේ
John Zerzan කියන මේ ධනවාදී අර්ථික රටාව විවෙචනය කරන ලේඛකයෙක් විසින්. ඔහු කියන්නේ,

"ඇයි මිනිස්සු මේ සමාජ රටාවට එරෙහිව තමන්ගෙ විරුද්ධත්වය පල කොට එයට එරෙහිව යමක් කිරීමට උත්සාහ කරන්නේ?"

"ඒක මෝඩ ප්‍රචන්ඩත්වයක් වෙන්න බෑ."

"මෝඩකම කියන්නේ කමින්, බොමින් එම්. ටී. වී බලමින් ඔහේ තමන්ගෙ රැකියාව කරමින් ඉන්න එකට." (අපේ අය එම්. ටී. වී වෙනුවට සිරස කියල දාගන්න).

දැන් දැන් මිනිසුන්ට තේරිලා තියෙන්නේ මේ අධි පාරිභෝගික රටාව තුල තියෙන හෙම්බත් වීම. අපරදිග කාලයක් පුරා ඇති දැඩි වී හැදුන මේ ධනවාදය පෙරදිගටද ව්‍යාප්ත වෙමින් පවතිනව. මේ සඳහා දැඩි බලපෑමක් කරන්නේ තත්පර 30 වෙළඳ දැන්වීම කියල තමයි මෙහිදී කියන්නේ. මෙකට හොඳ ඌනපූර්ණයක් තියෙනවා
System Of A Down කියන සංගීත කන්ඩායම ගායනා කරන Violent Pornography කියන ගීතයෙ.

ඇමරිකානුවන්ගේ අධි පාරිභෝගික රටාව කදිම නිදසුන් කීපයකින් පැහැදිලි කරනවා මෙන්න මෙහෙම,


“The average North American consumes 5 times more than the Mexican. 10 times more than a Chinese person. and 30 times more than a person from India.”

“We are 20 per cent of the people of the world. yet we consume 80 per cent of the world's resources. This level of consumption is simply not sustainable. if we continue to consume at this rate then eventually we're going to hit the wall.”

මේ වාර්තා වැඩසටහනේදී
George W Bush, Tony Blaire වැනි දේශපාලකයන්ට මෙන්ම Bill Gates, Steve Ballmer වැනි පුද්ගලයන්ටද ඔවුන්ගේම අදහස් වලින් ඉතා අපුරුවට උපහාසයට ලක් කොට තිබෙනවා(ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියලම කපනවා).

කියුබානුවන්ගේ අපුරු ආදර්ශපාඨයකුත් තියෙනව මෙන්න මෙහෙම,

“CONSUME ONLY THE NECESSARY”

හැබැයි මේ මහත්වරුන් මේකට විසඳුම විදියට තෝරගෙන තියෙන්නෙ ලතින් ඇමෙරිකානු රටවල් ප්‍රධාන කරගෙන තියෙන සමාජවාදය. මම නම් දකින්නේ සමාජවාදය කියන්නේ ධනවාදයට විරුද්ධව ඉදිරිපත් වුන දෙයක් මිස මේ ප්‍රශ්නයට නියම විසඳුම ලෙස නෙමයි. ඔවුන්ට ස්ථීර විසඳුමක් අව්ශ්‍ය නම් පෙරදිග චින්තනයෙන් හොයා ගන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම. මොකද බටහිරයෝ මේ ගමන ඇරඹුවෙ පරිසරය අභිබවා යන්නේ කෙසේද? කියන සංකලිපයේ ඉඳන්. පෙරදිග මිනිසුන් ජීවත් වූයේ පරිසරය සමග සහජීවනයෙන්.

අවසාන භාගයෙදි තවත් අපූරු අදහසක් ඉදිරිපත් වෙනවා මේ විදියට,

In this new world, the people would get back their own culture again. we will have a new set of values. There will be a paradigm shift. A big global mind shift,
Where people will suddenly say: "I don't want a fancy car".
Where people will suddenly say: "I don't want another Big Mac".
Where people will suddenly say: "I don't want to wear any Diesel jeans".
Where people will suddenly say: "I want to have a simple, fulfilling life".
Where people will suddenly say: "I want to have a simple, fulfilling life".

ඇත්තටම මේ ධනවාදය තුල මනුෂ්‍යත්වයට සත පහක හෝ වටීනාකමක් නෑනේ. සල්ලි හම්බවෙනව නම් ඒ වෙනුවෙන් තමන්ගේ දෙමව්පියො උනත් යොදාගන්න මෙවුන් පසුබට වෙන්නෙ නෑ. තවත් අපූරු දෙයක් තියෙනවා. ඒ තමයි වර්තමානයේ බටහිර රටවල් දරුණු ආථික කඩා වැටීමකට ලක්වෙලා තියෙනවා. ඒ ගැන මෙහි කතා වුනත් මේ වාර්තා වැඩසටහන නිෂ්පාදනය කරල තියෙන්නේ 2003 වර්ෂයෙදී.

මේ ඇසෙන්නේ සුපිරි රටවල, සුපිරි මාලිගාවල දිවි ගෙවන සුපිරි මිනිසුන්ගේ ජීවිතවල අඳෝනාව ද?

මෙතන දක්වලා තියෙන්නෙ බොහොම දල විස්තරයක්. අවශ්‍ය කෙනෙකුට පහත යොමුවෙන් එය බාගත කරගෙන බලන්න පුලුවනි.


සෘජු බාගතකිරීමට
ඉංග්‍රීසි උපශීර්ෂය

වැඩි විස්තර සඳහා:

IMDB
Wikipedia

ප. ලි.
මේ සටහන ලියන කොට අහම්බෙන් වගේ දැක්ක බුලත් විටක් ඔතපු කොළ කෑල්ලක මෙන්න මෙහෙම ලියල තිබුනා.

මතු දැක්වෙන ප්‍රකාශ සමග ඔබ එකඟ වන්නේද? හේතු දක්වන්න.

  1. වෙළදපොල ධනවාදී ආර්ථිකයක් තුල රජයට අයත් කාර්ය්‍යක් නොමැත.
  2. නූතනයේ සෑම ධනවාදී ආර්ථිකයකම පාරිබෝගික ස්වාධිපත්‍යක් පවතී.
  3. සමාජවාදී ආර්ථිකයක මිලට හා ලාභයට අයත් කාර්ය්‍යක් නොමැත.
  4. ධනවාදී අර්ථිකයක මිල තීරණය වන්නේ වෙළෙඳපොල බලවේග මත පමණි.



Tuesday, March 31, 2009

ඇදහීම හා සරණයෑම

අපේ සමාජය දිහා බැලුවම පේන්න තියෙන දෙයක් තමයි අපෙ උදවියෙන් බොහෝ දෙනෙකුට ධර්මය මතක් වෙන්නේ විපතක් හෝ කරදරයකට පත් උනහම. මේ කියන දෙය හැමොටම අදාල නොවෙන්න පුලුවන් හැබැයි බහුතරය මේ වගේ.

මෑත කාලීනව උන සිදුවීම් දෙකක් දැක්කට පස්සෙයි මට මේක ලියන්න හිතුනෙ. එකක් අපේ ක්‍රිකට් කන්ඩායම අවසනාවන්ත ලෙස ත්‍රස්තවදී ප්‍රහාරයකට ලක් වීම. අනික උපුල් ශාන්ත සන්නස්ගලට සිදු කල හදවත් සැත්කම.

පලමු කාරණයේදී අපිට උනේ කල ගුණ සලකන්න ගිහින් කෙල වෙන්නෙ නැතුව යන්තම් බේරිලා එන්න. කොහොම හරි අපේ කට්ටිය ගුවන් තොටුපොලට ඇවිල්ල එහිදී තියපු මාධ්‍ය සාකච්චාවෙදි මහේල ජයවර්ධන පැවසුවේ "මම බෞද්ධයෙක් වශයෙන් අපි බේරුනේ පෙර කල පිනකට කියා සිතනවා" කියල. ඒ කතාවෙ වරදක් නෑ කියමු.

වඩා දරුණු ප්‍රකාශය කරල තිබ්බේ උපුල් ශාන්ත සන්නස්ගල. ඔහුගේ සැත්කමෙන් පස්සේ පුවත් පතක් එක්ක කරල තිබ්බ සම්මුඛ සාකච්චාවකදි මෙයා කියල තිබ්බා මෙන්න මෙහෙම "ඉස්සෙල්ල ගිය බස් එකෙන් මාව දාල ගියා. ඊට පස්සේ ආපු බස් එකේ මම එල්ලුනා. මෙකෙ කලින් බස් එකේ කරපු කිසි දෙයක් කරන්න බෑ. මේක බොහොම බෞද්ධ බස් එකක්. මස් මාළු නෑ එළවළු විතරයි කන්න පුලුවන්"

මෙයා හිතනවද දන්නේ නෑ බෞද්ධයෙක් වෙන්නේ නිර්මාංශ උනාම කියල. එක අතකට මෙතුමා මේ වගේ දෙයක් කිව්ව කියල පුදුම වෙන්න දෙයකුත් නෑ. පංතිවල සිංහලත් එක්ක කුනුහරුප උගන්න පුලුවන් කෙනෙක් ගැන කුමන කතාද?

නැවත ප්‍රධාන මතෘකාවට ආවොත්, ඕනිම කෙනෙක් අසරණ උනාම අන්තිමත පිහිට හොයන්නේ ධර්මයෙන්. ඒකට දොසක් කියන්න බෑ. වරද තියෙන්න ඒ කාරණය මතක් වෙන්නේ ඒ වගේ තත්වෙට පත් උනහම විතරක වීම. අන්න ඒතකොට බොධි පූජා, සෙත් කවි, දාන මෙකී නොකී හැම දෙයක්ම් බලෙන් කරන්නේ, ඊට පස්සේ අයේ අර පරණ තැටිය දානවා. නිතරම ධර්මයට අනුව ජීවත් වෙනව නම් ඒ කෙනාව අසරණ උන වෙලාවක උනත් ලේසියෙන් වැටෙන්නේ නෑ. ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්, විශාල වශයෙන් කැළඹෙන විලකට ගලක් වැටුනාම ඒ විල තවත් වේගයෙන් කැළඹෙනවා. නමුත් නිශ්චල විලකට ගලක් වැටුනත ඒ වගේ තදින් කැළඹෙන්නේ නෑ, ඒ වගේම නැවත ඉක්මනින්ම නිශ්චලතාවයට පත්වෙනවා.පෘතජනයාගෙ හිත මෙන්න මේ චංචල විල වගේ. හැම තිස්සේම කැලඹි, කැලඹි තියෙන්නේ.

ඉතිං ධර්මය ඇසුරෙන් අපිත් අපේ සිත් නිසල විලක් කර ගනිමු. එනම් ඇදහීම නොව සරණයම අපේක්ෂා කරමු.