Thursday, September 25, 2008

The X-Files: I Want to Believe

"එක්ස්-ෆයිල්ස්" රූපවහිනී කථා මාලාව නිම වී සය වස‍රක් ගෙවී ගියේය. හිටපු එෆ්.බී.අයි නිලධාරිනී ඩනා ස්කලී(Dana Scully) "Our Lady of Sorrows" රෝහලේ සේවය ක‍රනු ලබයි. එහිදී ඇය ක්‍රිස්ටියන්(Christian) නැමැති දරුවාගේ මොළයේ සැත්කමක් ක‍රමින් සිටී. මේ අත‍ර එෆ්.බී.අයි නිලධාරී ඩ්‍රම්මී(Drummy) ස්කලී සොයා විත් මෝල්ඩර්(Mulder) සිටින තැන ඇයගෙන් විමසයි. ඒ එෆ්.බී.අයි නිලධාරිනීයකු වූ මොනිකා බනාන්(Monica Banan) ඇතුලු කාන්තාවන් කීප දෙනෙකු අතුරුදහන් වීම පිළිබද කෙරෙන ප‍රීක්ෂණයට ඔහුගේ සහය ලබාගැනීමටය.
එම ප‍රීක්ෂණයට මෝල්ඩර්, ස්කලී මෙන්ම අධිමානසික හැකියාවකින් යුතු ජෝසප්(
Joseph) නැමති පාදිලි තුමාද එක් වෙයි.
මෙලෙස දිව යන කතාවේ අවසානයේ මිනිස් අවයව ජාවාරම් කාරයෙකු මෙම සිදුවිම පසු පස ඇතැයි සොයාගෙන ඔහු පසු පස ලුහු බැදීම වටාද කථාංගය ගමන් ක‍රයි.

මේ කිව්වෙ "එක්ස්-ෆයිල්ස්" චිත්‍රපටියේ සාරංශයක්. මට ඔන කළේ මේකෙ කථාව කියන්න නෙමෙයි. ඉස්ස‍ර මේක රූපවහිනියෙ යන කාලේ එක කොටසක් වත් මග අරින්නේ නැතුව බලන්න උත්සාහා කළා. එහි ඇති ත්‍රාසයට හා ත‍ර්කානුකූල කථාංග වලට ඇබ්බැහි වෙලා හිටියා කිව්වොත් නිවැරදියි.
හොද සිද්ධියකුත් මතක් උනා, එක සැරයක් යාලුවෙකුගේ සීයා කෙනෙකුගෙ හත්දවසෙ බණ ගෙද‍රක ගියා. එදා කරුමෙට බදාදා දවසක්. කොහොම හ‍රි විසිදෙනෙක් විත‍ර ගියා, මෙතනින් මම වගේ "එක්ස්-ෆයිල්ස් පිස්සො" හත‍ර දෙනෙකුත් හිටියා නොවැ.ඔක විකශය උනේ රෑ 10ට විත‍ර. දැන් වෙලාවත් 9.40 විත‍ර උනා. ඒපාර අපි හත‍ර දෙනා හිමින් සීරුවෙ මාරුවෙලා ඒ ළග තිබ්බ යාලුවෙකුගේ නැන්දා කෙනෙකුගෙ ගෙද‍රට දිව්වා කිලෝමීට‍රයක් විත‍ර හති දාගෙන. ඒ ත‍රම් ආසාවක් තිබ්බා ඔක බලන්න.
හැබැයි වැඩේ කියන්නේ මේ චිත්‍රපටියේ නම් ඒ කථා මාලාව ලගින් තියන්නවත් බෑ කියල තමයි පෙනුනෙ.
සමහ‍ර විට ක්‍රිස් කාටර්(
Chris Carter) හිතුවද දන්නේ නෑ පිට සක්වල ජීවීන් ගෙන් ඈත් වෙලා නිර්මාණයක් ක‍රන්න. ඒවගේම අළු යට ගිනි පුපුරුවගේ හොර රහසේ කෙරෙන මිනිස් අවයව වෙළදාම ගැන කතා කිරීම හොද දෙයක්. මොකද තාම මේ ගැන සිනමාවේ වැඩිය සංවාදයට ලක්වෙලා නෑනේ.
නමුත් "එක්ස්-ෆයිල්ස්" රූපවහිනී කථා මාලාවෙ තිබ්බ ජීවය චිත්‍රපටියේ ගෑවිලාවත් නෑ වගේ. ක්‍රිස් කාටර්ගෙ හැකියාවන් මොට වෙලාද කියලත් හිතුනා. කොහොම නමුත් මේ චිත්‍රපටිය කලාට වඩා නොකාර හිටියනම් හොදයි කියල තමයි කියන්න තියෙන්නේ.

8 comments:

  1. එළ මචෝ. ඔහෝම ලියාගෙන යමන්. උඹට සුභ පැතුම් මගෙනුත්.

    ReplyDelete
  2. ජයතු, බොහොම ස්තුතියි!

    ReplyDelete
  3. aththatama harima lassanai rapa oyage adahas...... aththa mechchara lassanata kiwwahama thamai apitath danenne..... good luck....

    ReplyDelete
  4. හදයා, ලස්සන කියන්නේ මචං අත්තටම දුකයි. එකයි මෙහෙම දෙයක් කියන්න හිතුනේ.

    ReplyDelete
  5. මේක බාගත්තෙ ගිය සතියේ. ඒත් කාර්යබහුලත්වය නිසා පසුගිය සති අන්තයේ බලන්න බැරි වුණා. මිලඟ සති අන්තයේ බලල comment එකක් දාන්නම් :P

    ReplyDelete
  6. ලයිෆ්, බැලුවම හිතෙයි අප‍රාදෙ කියල (හැබැයි ඉතින් ඔයාට සමහ‍රවිට හොද වෙන්න පුලුවන්)

    ReplyDelete
  7. සහතික ඈත්ත ,මොකට ගහපු ෆිල්ම් එකක් ද මන්ද තෙරුමක් නෑති විගඩමක් ,

    ReplyDelete
  8. SINHALA YATHURU PUWARUWA MEMA BLOG EKATA LABA GATH AKARAYA MATA E- MAIL KARANNA.
    thusithdb@gmail.com

    ReplyDelete