Wednesday, December 31, 2008

පැවිදි පිංකම



කාලෙකින් මොකුත්ම ලියන්නත් බැරි උනා වැඩ අධික කම නිසාම. මේ ටික ලියන්නත් වෙලාව හොයා ගත්තා බොහොම අමාරුවෙන්. පහුගිය 28 වෙනිදා බොහොම පිංවන්ත වැඩසටහනකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුනා. ඒ තමයි ගිහි දරුවන් 60 දෙනෙකු පැවිදි වීමේ අවස්ථාව. මේ වැඩසටහට පැවත්වුනේ හොරණ මහමෙව්නා භාවනා අසපුවේදී. විශාල පිරිසක් සහාභාගී වෙලා හිටියා. මේහි තවත් විශේෂත්වයක් තිබුනා, ඒ තමයි දෙමළ ජාතික පිං වතෙකුත් පැවිදි වීම. බුද්ධ සාසනය තුල ජාති, කුල භේද නොමැති බවට මෙය හොද සාධකයක්. මේ බුද්ධ පුත්‍රයානන් වහන්සේලාට ඒ පිරිසිදු බුද්ධ වචනය ලොව පුරා පතුරුවන්ට ශක්තිය, ධෛර්යය ලැබේවා!!!

පහත තියෙන්නේ එදින වැඩසටහනේ ජායාරූප කිහිපයක්


Horana - 28th December 2008

4 comments:

  1. ඉතාමත් සැදැහැ සිතින් යුක්තව සෑම පින්තූරයක්ම බැලුවෙමි. ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට සසර කොටය. උන් වහන්සේලාට මේ ගෞතම බුදු සසුන තුලදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

    ReplyDelete
  2. සාදු සාදු... උන්වහන්සේලාටගේ ඒකායන අරමුණ එලෙසම ඉටුවේවා!

    ReplyDelete
  3. වැදගත් ලිපියක්. ඒත් එහි තිබෙන දෙමළ ජාතික වශයෙන් විහේෂණයක් දක්වා තිබීම නොගැලපේ. මන්ද යත් බුද්ධ රාජ්‍යය තුළ ජාති වාදයක් ඔබ පවසන පරිදිම නොමැති නිසාවෙනි. එය විශේෂයක් කොට දැක්වූයේ මන්ද යත් මට නම් නොතේරේ.

    එම පැවිදි උතුමන් හට නිවැරදි බුදු දහමේ පහසින් සසර කෙටි කර ගැනීමට පින් රැස්කරගත්තෝ වෙත්වා!

    ReplyDelete
  4. තුෂාර,
    ඇත්තටම එය විශේෂයක් කොට දැක්වූයේ වර්ථමානයේ විරල සිදුවීමක් නිසාවෙන් සහ අනෙක් අයගේ දිරිමත් කිරීම සදහාත්ය.
    තෙරුවන් ස‍රණයි!!!

    ReplyDelete