
මෑත කාලීනව උන සිදුවීම් දෙකක් දැක්කට පස්සෙයි මට මේක ලියන්න හිතුනෙ. එකක් අපේ ක්‍රිකට් කන්ඩායම අවසනාවන්ත ලෙස ත්‍රස්තවදී ප්‍රහාරයකට ලක් වීම. අනික උපුල් ශාන්ත සන්නස්ගලට සිදු කල හදවත් සැත්කම.
පලමු කාරණයේදී අපිට උනේ කල ගුණ සලකන්න ගිහින් කෙල වෙන්නෙ නැතුව යන්තම් බේරිලා එන්න. කොහොම හරි අපේ කට්ටිය ගුවන් තොටුපොලට ඇවිල්ල එහිදී තියපු මාධ්‍ය සාකච්චාවෙදි මහේල ජයවර්ධන පැවසුවේ "මම බෞද්ධයෙක් වශයෙන් අපි බේරුනේ පෙර කල පිනකට කියා සිතනවා" කියල. ඒ කතාවෙ වරදක් නෑ කියමු.
වඩා දරුණු ප්‍රකාශය කරල තිබ්බේ උපුල් ශාන්ත සන්නස්ගල. ඔහුගේ සැත්කමෙන් පස්සේ පුවත් පතක් එක්ක කරල තිබ්බ සම්මුඛ සාකච්චාවකදි මෙයා කියල තිබ්බා මෙන්න මෙහෙම "ඉස්සෙල්ල ගිය බස් එකෙන් මාව දාල ගියා. ඊට පස්සේ ආපු බස් එකේ මම එල්ලුනා. මෙකෙ කලින් බස් එකේ කරපු කිසි දෙයක් කරන්න බෑ. මේක බොහොම බෞද්ධ බස් එකක්. මස් මාළු නෑ එළවළු විතරයි කන්න පුලුවන්"
මෙයා හිතනවද දන්නේ නෑ බෞද්ධයෙක් වෙන්නේ නිර්මාංශ උනාම කියල. එක අතකට මෙතුමා මේ වගේ දෙයක් කිව්ව කියල පුදුම වෙන්න දෙයකුත් නෑ. පංතිවල සිංහලත් එක්ක කුනුහරුප උගන්න පුලුවන් කෙනෙක් ගැන කුමන කතාද?
නැවත ප්‍රධාන මතෘකාවට ආවොත්, ඕනිම කෙනෙක් අසරණ උනාම අන්තිමත පිහිට හොයන්නේ ධර්මයෙන්. ඒකට දොසක් කියන්න බෑ. වරද තියෙන්න ඒ කාරණය මතක් වෙන්නේ ඒ වගේ තත්වෙට පත් උනහම විතරක වීම. අන්න ඒතකොට බොධි පූජා, සෙත් කවි, දාන මෙකී නොකී හැම දෙයක්ම් බලෙන් කරන්නේ, ඊට පස්සේ අයේ අර පරණ තැටිය දානවා. නිතරම ධර්මයට අනුව ජීවත් වෙනව නම් ඒ කෙනාව අසරණ උන වෙලාවක උනත් ලේසියෙන් වැටෙන්නේ නෑ. ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්, විශාල වශයෙන් කැළඹෙන විලකට ගලක් වැටුනාම ඒ විල තවත් වේගයෙන් කැළඹෙනවා. නමුත් නිශ්චල විලකට ගලක් වැටුනත ඒ වගේ තදින් කැළඹෙන්නේ නෑ, ඒ වගේම නැවත ඉක්මනින්ම නිශ්චලතාවයට පත්වෙනවා.පෘතජනයාගෙ හිත මෙන්න මේ චංචල විල වගේ. හැම තිස්සේම කැලඹි, කැලඹි තියෙන්නේ.
ඉතිං ධර්මය ඇසුරෙන් අපිත් අපේ සිත් නිසල විලක් කර ගනිමු. එනම් ඇදහීම නොව සරණයම අපේක්ෂා කරමු.
සන්නස්ගල... මට නම් බොහොම එපා කරපු චරිතයක්. මම හිතනවා එහෙම විතරක් කිව්වම ඇති කියල... ටියුෂන් පංති වල සිද්ධි දිගහරින්න ඕන නෑ.
ReplyDeleteසන්නස්ගලගේ පන්තිය ඇතුලට ගියාම ලමයින්ගේ ඔලුගෙඩි ටික හොදට හොදනවා පන්තිය ඇතුලේ මිනිහා තමා විරයා එලියට ආපු ගමන් මිනිහාගේ මුණට දෙකක් දෙන්න හිතේනවා
ReplyDeleteශාකුන්තල සහ දිසා,
ReplyDeleteඔබ දෙදෙනාගේම අර්ථ නිරූපන වල සමානතාවයක් තියෙන නිසා මම එක ප්‍රතිචාරයක් දක්වන්නම්. මට මේ සන්නස්ගල කියන පුද්ගලයා ගැන නෙමෙයි කතා කරන්න අවශ්‍යවුනේ. මේ සිද්ධිය පාදක කරගෙන වර්තමාන සමාජයේ අපේ මිනිසුන් ධර්මය ගැන දක්වන ආකල්පය ගැන පොඩ්ඩක් විචාරන්න.
මේ ලිපියේ තියෙන සිද්ධි දෙක එකිනෙකට ගැලපෙන්නේ නැහැ වගේ. හැබැයි අසරන වෙලාවට ආගම ධර්මය මතක් වෙන එක බොහෝම ගැඹුරින් කතා කළ හැකි දෙයක්. සන්නස්ගලට බනින එක නම් එච්චර දෙයක් නැහැ.
ReplyDeleteපාලිත,
ReplyDeleteසිද්ධි දෙකේ මම දැක්ක සමානතාවය තමයි අවස්ථා දෙකේදීම අසරණවීම හා බුදු දහම මතක් වීම. සන්නස්ගල කියන්නේ මෙතන උදාහරණයක් පමණයි.
කරදරයක් වුණ වෙලාවකට හරි ධර්මය මතක් වෙනවනම් ඒක ලොකු දෙයක්. නමුත් උඹ කියන විදියට කරන හැම ජරා වැඩේම කරල කරදරයක් වුණ වෙලාවට ධර්මය මතක් කරනවනම් ඒක සදාචාරාත්මක නෑ.
ReplyDeleteසන්නස්ගලගෙ ප්‍රකාශය බලනකොටනම් එයා කරදරේ වැටුණ වෙලාවෙදි කරල තියෙන්නෙ ධර්ම මාර්ගය සොයාගැනීම නෙමේ බස් එකකින් බැහැල තව බස් එකක ගොඩ වුණ එකයි. ඒ අනුව බලද්දි කරදරේකදිවත් ධර්මය මතක් නොවෙන අයත් ඉනනවා.
ඔව් ලයිෆ්,
ReplyDeleteමෙතන බස් එක උපමා කරල තියෙන්නෙ ජීවන රටාවට.