
බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ධර්මය කියලා දුන්න නිසා මේ ප්‍රශ්නෙ අපි දැන් දන්නවා. අපි මේ සංසාරේ ආවෙ අපායෙන්, අපායට මාරු වෙවී. අපි බොහෝ කාලයක් ඉන්න ඇති තිරිසන් ලෝකයේ, එකත් ඉවර වුණා. නිරයේ ඉන්න ඇති, ඒකත් ඉවර වුණා. මිනිස් ලෝකෙට ආවා. මෙකත් ඉවර උනොත්? ගෙවාගෙන ආව සංසාරේ අපිට නිවන් දකින ධර්මයක් අනුගමනය කරන්න බැරි උනා. ඔන්න දැන් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ විදියෙ අවස්ථාවක් අයෙ කොයි කාලෙ එයිද කියල හිතන්නවත් බැරි එකක්. ඒ තරමටම දුර්ලභයි. අපේ වාසනාවට අපේ අතපය හොඳට තියෙනවා. අපට යමක් කිව්වහම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නම් අපේ පැත්තෙන් අපි සම්පූර්ණයි.
අපේ වාසනාවට මේ ජීවිතය ගැන කතා කරන ධර්මයක් ඇහෙනවා. ඒ ධර්මය විකෘති වෙච්ච නැති එකක්. ඒ ධර්මය බුදු රජාණන් වහන්සේ නමකගේ ධර්මයක්. ඒ ධර්මය ලැබෙන වෙලාවෙදී අපි ඒ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න ඔනෑ. මේ අවස්ථාව ගිලිහී ගියොත් අපට මොකක් වෙයිද කියලා කියන්න බැහැ.
ඒ නිසා ජාති, ජරා, මරණ වලින් නිදහස් වීම පිණිස.
රාග, ද්වේශ, මෝහ ප්‍රහානය කිරීම පිණිස.
සක්කායදිට්ඨි, විචිකිච්ජා, සීලබ්බත පරාමාස දුරු කර ගැනීම පිණිස.
මේ ධර්මය තුළින් නුවණ මෙහෙයවීමෙන් උත්සාහයෙන් වීර්යයෙන් යුතුව එක්වරම චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගන්නවා කියලා හිතට ගන්න නුවණැති සියල්ලන්ටම හැකියාව ලැබේවා!!!
අද බෙහෝ දෙනා ධර්මය විකෘති වීම ගැන කතා බහ කරනවා. මේක හොඳ තත්වයක් නම් නොවේ. බොහෝ ස්වාමින් වහන්සේලා පවා පිල් බෙදෙමින් එකිනෙකාට අපහාස කරගැනීම ඇත්තෙන්ම ඛේදජනකයි. මේ වාද විවාද වලින් මීළඟ ධර්ම සංගායනාවක අවශ්‍යතාවය නිතැත්ම පැන නගිනවා
ReplyDelete