Monday, September 29, 2008

සිකුරාදා රෑ දුටු ගාන්ධර්වයා

ගීත නමින් බුරුතු පිටින් එළි බහින්නේ පල් හෑලිය. මේවායේ ගැබ් වෙන හෑලිවල බස් විය කමක්, නව්‍ය ස්ව‍ර සංකලනයක් නැත. සංගීත සංදර්ශන, සංගීත සලාද, සංගීත හොදි දෑ නම් පට බැද ඇස් කන් වලට කන් කරච්චල් ක‍රන්නේ, ගුවන් ගැබ ගුගුරුවන්නේ, වා ගැබ දුෂිත ක‍රන්නේ ගායනා නොව බහු රූපී කෝලම්ය. ඊනියා ගායක/ගායිකාවෝ ඇඹ‍රෙති, හැකිලෙති, උඩ පනිති, බෙරිහන් දෙති, ගිරිය කඩා ගනිති, සෘති බේද ක‍රති, කන් පලති. මේ සියලු විගඩම් කුමකටද?
- මහාචාර්ය සුච‍රිත ගම්ලත්


අර්ථ විරහිත වූ පෙම්/විරහ ගීත වලින් පිරුනු වර්තමාන ගී ලොවට ඔහුගේ පිරිපුන් මධූර්‍යයෙන් සපිරි සව‍රය වුවද කෙනෙකු දැහැන් ගත කිරීමට සමත් වෙයි. මුදලට, ජනප්‍රියත්වයට යටවූ වර්තමාන සංගීත ලොව තුල ඔහු නොසැලී තම ප්‍රතිභාව රැකගෙන සිටියේය. නිවැරදි ස්ව‍ර ස්ථානවල පිහිටා ගායනා කිරීමට ඔහු ත‍රම් සමතෙකු නොමැති ත‍රම්යැයි කිවහැක. හේ අම‍රසිරි පීරිස් නම් වූ වචනයේ ප‍රිසමාප්ත අර්ථයෙන්ම ගාන්ධර්වයෙකි.















දෙරණ රූපවාහිනියෙන් 26 වෙනි සිකුරදා විකාශය වූ "සිකුරාදා රෑ" වැඩ සටහනට ඔහුගේ මිතුරන් (සමන්ත හේරත්, වෛද්‍ය කපිල ක්‍රිෂාන්ත), මුල් ගුරුතුමා, බිරිඳ, දරුවන් සහභාගී වෙමින් ඉතා රසවත්ව මද්‍යම රාත්‍රිය පසු වන තෙක්ම ඇදී ගියේ වේලාව පිළිබඳව අල්පමාත්‍රයක් හෝ හැගීමක් ඇති නොක‍රය.

අම‍රසිරි පීරිස් සංගීත වේදියාණනි ඔබට දීර්ඝායු!


වැඩ සටහනේ දශ්‍ය ගොනු


01. සඳුද අවදියෙන් [21.37 MB]


02. කවුරුවත් නෑ [23.04 MB]


03. වළා වතුල [22.03 MB]


04. සඳලේඛාවෙන් [17.11 MB]


05. සොඳුරිය [22.56 MB]


06. ළඳුනේ [16.00 MB]


07. මේ ගඟ කොතරම් සුන්දර ද*[21.29 MB]

* ''සල නිසල'' නම් වූ වෛද්‍ය චිකිත්සාත්මක සංගීත වැඩ සටහනට කල පර්යේෂනාත්මක ගීතයකි.

08. මලක් උනේ ඇයි නුඹ මට [15.23 MB]


09. වරෙන්, වරෙන් සුදු පරවියෝ [20.75 MB]


10. මගේ පුංචි රෝස මලේ [20.21 MB]


11. ඇපල් මල [27.68 MB]

4 comments:

  1. අමරසිරි පීරිස් කියන්නේ අසමසම ගායකයෙක්. ඒ කටහඩ අහන්න ආසයි. ඕනම රෑපවාහිනි නාලිකාවක අහන්න ආස දකින්න ආස මේ වගේ වැඩසටහන් ප්‍රචාරය වෙනවා නම් තවත් ප්‍රේක්ෂකයෝ ඒවා නරඹන එක වැඩි වෙනවා.

    කොහොම උනත් උඹේ වැඩේට මගෙන් සුභ පැතුම්.

    ReplyDelete
  2. ජයතු, ඔබේ කතාව හ‍රි මුදල් මතම තමන්ගේ වැඩ සටහන් විකාශය නොක‍ර ජීවිතයට යමක් ගත හැකි ආකාරයේ වැඩ සටහන් යනවනම් ඉතිං අපිට උනත් රූප පෙට්ටිය දිහා බැලෙනවනෙ.
    නැද්ද මම අහන්නෙ?

    ReplyDelete
  3. අමරසිරි ඇතුළු මේ සැබෑ මනුෂ්‍ය සංගීතඤයින්ගේ ඇවෑමෙන් අපේ සංගීත කලාවේ ගමන් මග ගැන සිතීමත් එක්තරා ආකාරයක බියකරු සිහිනයක්.

    මේ ගැන මට එච්චරයි කියන්න තියෙන්නෙ.....

    අමරසිරි ගීත වලට ප්‍රිය කරන තවත් එකෙක් හරි දැකීම ඇත්තෙන්ම සතුටක්

    ReplyDelete
  4. ලයිෆ්, මටත් ඔන්න ඔක හිතෙනව බං හැම තිස්සෙම. මේ මිනිස්සුන්ගෙන් පස්සෙ මේ පදනම ග‍රාවැටන එක සිකුරුයි මේ යන විදියට නම්. අද කලේ එන සින්දුවක් සුමානයක් අහනවද එක මිනිහෙක්?

    ReplyDelete