මේක පොතක් කිව්වට පර්යේෂණ කෘතියක් කිව්වොත් තමයි වඩා නිවැරදි වෙන්නේ. මේ පොත ලියලා තියෙන්නේ යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ, පිතගුරුස්, අල්ලාහු අක්බර් වගේ පර්යේෂණාත්මක කෘති ගණනාවක් සම්පාදනය කළ කතෘන් දෙදෙනෙකු වන කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක මහත්වරුන් විසින්. ප්‍රකාශක ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
ඇත්තටම මේ පොතේ ඉල්ලක් ගත කණඩායම වෙන්නේ පොඩි ළමයි උනාට මම මේ පොත ගන්න යද්දී කඩේ හිටපු කෙනා කිව්වා "මේ පොත මමත් කියෙව්වා, කියවලම බලන්නකෝ පොඩි අයට වගේම ලොකු අපිටත් වැදගත්". පොතේ ඉන්නේ කතා නායිකාවක්, පොඩි දුවෙක් එයාට තෑගි ලැබුණ පොතක් නිසා කවුද මේ මහදැනමුත්තා කියල හොයන්න උනන්දු වෙන හැටි.
පොතේ එක තැනෙක තියෙනවා මහදැනමුත්තා මුටිටියේ හිරවුන එළුවා එලියට ගත්ත හැටි, අපි කවුරුත් දන්නා විදියට ඒ කතාවේ ඒ ගම වටා ලොකු තාප්පයක් තිබිල තියෙනවා, හැබැයි පැරණි සිංහල ගම්වල එහෙම ලොකු තාප්ප වලින් ගම වට කරනවා කියලා අපි අහල නෑ, ඒවගේම අපේ මිනිස්සු ගවයෝ ඇතිකලාට එළුවෝ ඇතිකරලා නෑ නොවැ ඔය වගේ සාධක නිසා අපිට සැක කරන්න වෙනවා මේ කතා කවුරු හරි සිංහල සමාජයේ සිරිත් හා විරිත් අපහාසයට හා උපහාසයට ලක්කරන්න හදපුවාද කියල. ඉතින් මේ පොතේ ඔය වගේ මහදැනමුත්තාගේ කතා කීපයක්ම උදාහරණ විදියට අරගෙන විශ්ලේෂණය කරනවා.
මේ පොතේ එක තැනක පන්සලේ පොඩි හාමුදුරුවෝ ඇවිල්ල කරන පැහැදිලි කිරීමක් මෙන්න මෙහෙම තියෙනවා, ඉස්සර ගම පාලනයවුණේ ප්‍රධාන වශයෙන් පුද්ගලයන් පස් දෙනෙක්ගෙන්, ඒගොල්ලන්ව හඳුන්වල තියෙන්න තොවිල්පහ කියලයි. ගමරාල, වෙදානෝ, විල්ලඹුආතා, හෙනමාමා, වතුරමංකඩ කියන පස්දෙනා තමයි තොවිල්පහ කියල හදුන්වලා තියෙන්නේ. ගමරාල කියන්නේ ගොවියන්ගේ නායකයා, වෙදානෝ කියන්නේ වෙදමහත්තයා, විල්ලඹුආතා කියන්නේ දරුඋපතක් වෙනකොට පිහිට වෙන කෙනා(මේක කාන්තා තනතුරක්, ආතා කියල ඉස්සර ගැහැණු, පිරිමි දෙපක්ෂයටම භාවිතා කරලා තියෙනවලු), හෙනමාමා තමයි ගමේ සෞඛ්‍ය ආරක්ෂකයා, වතුරමංකඩ තමයි වැව බාරව ඉන්න කෙනා. පන්සලේ හාමුදුරුවෝ තමයි තොවිල්පහට අවවාද අනුශාසනා දුන්නේ, ඒ කියන්නේ තොවිල්පහේ නායකයා උනේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. ඉතින් මේ මහදැනමුත්තා කතා හදපු අයගේ අරමුණ උනේ මේ තනතුරු විවේචනය කරලා අපේ සිංහල සමාජයේ තිබ්බ සිරිත් හා විරිත් හාස්‍යට ලක් කරන්නයි.

මම මෙතන කිව්වේ ඔය පොතෙන් 2% වගේ ප්‍රමාණයක්, තව ගොඩක් කරුණු ඉතා රසවත්ව ඉදිපත් කරලා තියෙනවා, අරගෙන කියවලා බලන්න. ඒ වගේම ඔය උපන්දින වලට පොඩි ළමයෙකුට දෙන්න ඉතා හොඳ තෑග්ගක්.
Great. Wish I could find this book.
ReplyDelete