වර්තමාන සමාජය තුල සිටින බොහෝ මිනිසුන් ජීවත් වන්නේ සතුටින් නොව ජීවත් වීමේ ඔනෑවට දැයි විටෙක සිතේ. මන්ද ඔවුන් ජීවත් වීමට සිදුව ඇත්තේ තමන්ට අවැසි ලෙස නොව සමාජයට ඔනෑ ආකාරයටය. ජීවත්වීම සදහා රැකියාවක් කරන අය බොහෝ විට ජීවිතය දමන්නේ දෙවැනි තැනටය. මොවුන් සියලු දෙනාම පාහේ සාමාජය විසින් ඇති කරනු ලැබූ යාන්ත්‍රික පද්ධතියේ අනු කොටස් වැනිය. බොහෝ දෙනෙකුට මෙහි ඇති කටුක බව දැනෙන නමුත් එය අවබෝධ කොට ගන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. ඒ අය අතරිනුත් ඉතා අතලොස්සක් මෙම සම්මත රාමුව බිද දමා යෑමට උත්සාහ කරයි(බොහෝ විට සමාජය පිස්සන් යැයි හංවඩු ගසන්නේ මොවුන්ය). අපගේ කථා නායකයා ද එවැන්නෙකි. එසේ නම් දැන් අපි ඔහු දෙසට යොමු වෙමු.
ක්‍රිස්ටොපර් ජොන්සන් මැක්න්ඩලස්(Christopher Johnson McCandless) - ක්‍රිස් ඉපදුනේ 1976 පෙබරවාරි මස 12 දා දකුණු කැලිෆෝනියාවේ(Southern California) දීය. ඔහුට සිටියේ එක් නැගණියක් පමණි. ඔහුට වයස අවුරුදු 6 දී ඔවුන් වර්ජීනියාවට(Virginia) පැමිණි අතර ඔහුගේ පියා නාසා ආයතනයේ ඇන්ටෙනා විශේෂඥයෙකු ලෙස සේවය කලේය. මව ගුවන් සේවා ආයතනයක ලේකම් වරියක ලෙස සේවය කලාය. ක්‍රිස්ගේ ගෙදර පවුල් පසුබිම එතරම් යහපත් එකක් නොවීය. නිතරම ඔහුගේ දෙමව්පියන් අඩ දබර කර ගත් අතර සමහර දින වලදී එය හමාර වුයේ ගුටි බැට හුවමාරුවකින් පසුවය. මෙ වැනි සිද්ධීන් නිසා සමහර අවස්ථා වලදී ඔවුන් වෙන් වීමට ද තීරණය කල නමුත් එය සිදු වුයේ නැත.
පාසල් කාලයේදී ඔහුගේ සිත යොමු වී තිබුනේ විඤාන වාදය, දව්යන්ගේ පැවැත්ම පිලිබඳව වැනි විෂයන් කෙරෙහි වූ අතර උසස් පෙළදී හේ වන සංචාරකයෙකු ලෙසද පුහුණුව ලබා ඇත. ඔහුගේ උපධිය මානව විද්‍යාව හා ඉතිහාසයට අදාලව 1986 දී වූඩ්සන්(W.T. Woodson) පාසලෙන්ද 1990 දී එමොරි(Emory) විශ්වවිද්‍යාලයෙන් ලබා ගෙන ඇත. තමා ලබා ගත් උපාධියේ ශක්තිය තුලින් සම්පත් භෝගී ඇමරිකානු සමාජය තුල ඇති හිස් බව වඩාත් දැඩිව නින්දාවට ලක් කළේය. ජැක් ලන්ඩන්(Jack London), ලියො තොයිස්ටොයි(Leo Tolstoy), ඩබ්ලිව්. එච්. ඩාවීස්(W.H. Davies) හා හෙන්රි ඩේවිඩ් තෝර්ර්(Henry David Thoreau) වැන්නවුන් හේ අදහස් වලට දැඩිව ඇලුම් කලේය.
ඔහුගේ අරමුණ වූ ඇලස්කා වට වන ගත වීම ඇරඹුවේ 1992 අප්‍රියල් 28 වෙනිදාය. ඔහු තම වන ගත චාරිකාව ඇරඹුවේ "ඇලෙක්සැන්ඩර් සුපර්ට්‍රැම්ප්" නමින් අන්වර්ථ නාමයක්ද පට බැඳ ගෙනය. එලෙසම තම චාරිකාවේ සෑම මොහොතක්ම, තමන් ගේ ශරීර සෞඛ්‍යය, මානසිකත්වය හා පරිසරයෙන් එල්ල වූ අභියොග ආදී සෑම දෙයක්ම සටහන් කර තැබීම පුරුද්දක් කර ගත්තේය. ඔහුගේ චාරිකාවේදී ආහාර පාන හා අමතර ආම්පන්න ඉතා අඩුවෙන් ගෙන යාමට ද හේ වඩා උනන්දු විය.
ඇලස්කා වනයට අතුලු වූ පසු දඩයක් කරුවන් විසින් වරින් වර භාවිතා කරන ලද බස් රථයක් තම තාවකාලික නිවහන ලෙස භාවිතා කරන ලදී.එහිදී ඔහු සතු වූ දව්‍ය වූයේ රාත්තල් 10 ක සහල් මලුවක්, අර්ධ ස්වයංක්‍රීය තුවක්කුවක්, පතුරම් විශාල ප්‍රමානයක්, දේශීය පැලෑටි ගැන ලියවුන පොතක් සහ වෙනත් පොත් කීපයක්ය. වනයේ ඇති ගස් වැල් සහ දඩයමේන් තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීම ඔහුගේ අභිලාශය වන්නට ඇත.ඔහු වනගත වී දින 112ක් පමන රැඳී ඇතයි සැලකේ.
ප්‍රාණය නිරුද්ධ වූ ඔහුගේ සිරුර බස් රථය තුල තිබී හමුවූයේ ඔහු මිය ගොස් සති දෙකකට පමණ පසු මූස් වළසුන් දඩයම් කරනා දඩයම්කරුවන් පිරිසකටය . මිය යන විට සිරුරේ බර රාත්තල් 67ක් පමණ වී යැයි සැලකෙන අතර මරණයට හේතුව වශයෙන් නිරාහාරව සිටීම යැයි මරණ පරීක්ෂණයේ සඳහන් වේ. නමුත් යම් විෂ පැලෑටියක්(කැලෑ අර්තාපල්) කැවීමේන් පසු ඇතිවූ ආහාර ගැනීමේ අපහසුතාවයෙන් මෙලෙස වුනි යැයි ද මතයක් පවතී.

ක්‍රිස්ටොපර් ජොන්සන් මැක්න්ඩලස් - ඔහුගේම කැමරාවකින් ගන්නා ලද ජායා රූපයකි.
බොහෝ දෙනෙක් ඔහු ගැන කනගාටු වන්නේ ඔහු කොම්පාසුවක් හා සිතියමක් භාවිතා නොකිරීම ගැනය. මන්ද එක වරක් තම චාරිකාව අතර මග නවතා ආපසු යෑමට සැරසුනත් ඒ සදහා එතෙර වීමට තිබූ ගඟ පිටාරය ගලා තිබූ බැවින් එය වැලකුනේය. නමුත් ඔහු ගඟ තරණය කිරීමට උත්සාහ කල ස්ථානයට සැතපුම් 1/4ක් දුරින් අතින් ක්‍රියා කරන ට්රෑම් රථයක් තිබී ඇත. තවද හදිසි අවස්ථාවකදී ගැනීමට ඇති ආහාර ගබඩාවක් ඔහු සිටි බස් රථයට සැතපුම් කීපයක් දුරින් තිබී ද ඇත. ඔහු සතුව සිතියමක් තිබුනේ නම් මේ සියල්ල දැන ගැනීමට ඔහුට හැකි වනවා සේම පහසුවෙන් දිවි රැක ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.
මට මේ සිද්ධිය දැන ගන්න හම්බුනේ "Into the Wild" කියන චිත්‍රපටිය බැලුවට පස්සේ. කොහොම නමුත් චිත්‍රපටියේ සමහර සිදුවීම් අතිශෝක්තියෙන් තියෙනව කියල තමයි හිතෙන්නේ. උදාහරණයක් විදියට "ටේසී " කියන ගෑනු ළමයගේ කතාව චිත්‍රපටියේ අලංකාරය පිනිස යොදාගෙන තියෙන්නේ. අනික ක්‍රිස්ගේ චරිත ලක්ෂණ අනුව මේ තරම් සාර්ථක විදියට පුද්ගල, සාමාජ සම්බන්ධතා ඇති කරගන්න පුලුවන්ද කියල සැකයකුත් හිතෙනවා. කොහොම නමුත් මේකෙ ක්‍රිස්ගේ චරිතයට පන පොවන එමිලේ(Emile Hirsch) වචනයෙන් කියන්න බැරි තරම් සාධාරණයක් කරල තියෙනව කියල කියන්න පුලුවන්.
චිත්‍රපටියේ එන ගීත ගැනත් විශේෂයෙන් කියන්න ඔනි. ඒ ගීත වලින් ලැබිල තියෙන ආලෝකය කියල වැඩක් නෑ. පර්ල් ජෑම්(Pearl Jam) සංගීත කන්ඩායමේ නියමු ගායක එඩී වෙඩ්ඩර්(Eddie Vedder) ගේ සංවේග ජනක කට හඩ හොදට ගැලපෙනව මේකෙ කතාවත් එක්ක. "No Ceiling, Society" කියන ගීත නම් මරු.
මේක බලලා අන්තිමට මට මතක් උනේ, අනේ ධර්මය තියෙන රටක මොහු ඉපදුනා නම් කොච්චර වාසනාවක් ද කියල.මොකද මොහුට අවබොධ කිරිමේ හැකියාව තිබුනට ධර්මය නැති රටකනේ ඉපදුනේ.
*මේ චිත්‍රපටිය ගැන කීවට මධූ නංගිට ස්තූතියි.
වැඩි විස්තර සඳහා:http://en.wikipedia.org/wiki/Christopher_McCandless
http://en.wikipedia.org/wiki/Into_the_Wild_(film)
http://en.wikipedia.org/wiki/Into_the_Wild