
- සුස්සූසති - ධර්මය ඇසීමේ ආසාවක්, කැමැත්තක් එය ශ්‍රවණය කරන කෙනා තුල තිබිය යුතුය.
- සෝතං ඕදහති - තම දෙකන් මනාව ධර්ම දේශනාව තුලම පිහිටාගෙන ශ්‍රවනය කල යුතුය.
- අඤ්ඤාය චිත්තං උපට්ඨපේති - ධර්ම දේශනාව කෙසේ හෝ අවබෝධ කරගනිමි යැයි අධිෂ්ඨානයෙන් සිටිය යුතුය.
- අත්ථං ගණ්හාති - ධර්ම දේශනාවේ ඇති ධර්ම කරුණු හොදින් මතකයේ රඳවා ගනිමින්, අර්ථය වටහා ගනිමින් ශ්‍රවනය කල යුතුය.
- අනත්ථං රිඤ්චති - ධර්ම දේශනාවෙන් පිටතට සිත විසිරී යැමට ඉඩ නොදී ධර්ම කරුණු ඔසේම සිත පිහිටුවා ගත යුතුය.
- අනුලෝමිකාය ඛන්තියා සමන්නාගතෝ හෝති - ධර්ම දේශනාවේ ඇති කරුණු තමන්ගේ ජීවිතයට ගලපා ගනිමින් කටයුතු කිරීම.
ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය සැමට අවබෝධ වේවා!!!
තෙරුවන් සරණයි.
This comment has been removed by the author.
ReplyDeleteඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ඹබටත් අවබෝධ වේවා!!
ReplyDeleteතෙරුවන් සරණයි.
ඒක නම් ඇත්ත. හරිම ලස්සනයි රැපා අයියේ.
ReplyDeleteකාලෙන ධම්ම සාකච්ඡා
ReplyDeleteඒතං මංගල මුත්තමං..
ඔබ අවධාරණය කරන්නේ
මෙලොව කලයුතු උතුම්ම මංගල
කාර්යය පිළිබදවය.
එය ඒ ආකාරයෙන්ම වෙනවා
දැකීමය අපගේත් අපේක්ෂාව
ඔබට තෙරුවන් සරණයි.
වටින මතක් කිරීමක් රැපා. බොහොම පින්...
ReplyDeleteහදයා, අමිල, කොළඹගේ, ආලොකා,
ReplyDeleteඔබ සියලු දෙනාටම පිං සිදුවේවා!
වීදුරෑ පෙටිටියක බහාලු යමක් අල්ලන්න දරන උත්සාහයක් වෙයිද?
ReplyDeleteඑ‍් අයුරින්ම තමා අපි හුග දෙනෙන් ධර්මය අල්ලන්න හදන්නෙ.........
අවසන් කරුණ අපි අතින් අඩුවෙන්ම සිදු වන දේ නේද?
ReplyDeleteඅද බොහෝ දෙනා ස්වාමීන් වහන්සෙලාගේ ධර්ම දේශනා ජීවිතයට ලං කර ගැනීම පසෙක ලා උන් වහන්සේලාගේ දේශනාව හා දෙශනා විලාසය විවේචනය කිරීමට පුරුදු වී සිටිනවා. ඒත් සිදු විය යුත්තේ එය නොවෙයි නේද?
හරියට හරි life එයම තමා මටත් කියන්න වුවමනා කලේ
ReplyDeletelife,
ReplyDeleteඔබ හරි, අවාසනාවකට මට නම් ඔය ගැන සෑහෙන්න අත්දැකීම් තියෙනවා.
ස්වාමින් වහන්සේලා විවෙචනයත් අද විලසිතවක් වෙලාද මන්දා.
දුකයි ඉතින් ඒ මිනිස්සු ගැන නිකන් පව් පුරෝ ගන්නවා.