
මෙසේ සහජීවනයෙන් තිබූ සමාජයේ ඔවුන් තමන් සතු දක්ෂතා හා හැකියාවන් අනුන්ගේ යහපත වෙනුවෙන් යෙදවූයේ රැකියාවක් උදෙසා නොව සමාජ සේවාවක් හා සත්කාරයක් කිරීමේ චේතනාව පෙරදැරි කරගෙනමය.
ගමේ තැනෙක අලුතෙන් ගෙයක් ඉදිවෙන විට ගමේ බොහෝ පිරිසක් එකතු වී තම තමන්ගේ හැකියාවන් අනුව උදව් පදව් කලෝ ය. පිරිසක් බිත්ති බැඳීම් කල අතර වහලයේ කට යුතු සඳහා තවත් පිරිසක් දායක විය. මෙලෙසම කුඹුරු කෙටීම, වැපිරීම, ගොයම් කැපීම, විවාහ, මරණ හා විවිධ ආගමික උත්සව ඇතුලු මෙකී නොකී සෑම පොදු හෝ පෞද්ගලික උත්සව, විශේෂ අවස්ථා සඳහා සෑම සියළු දෙනාම තමන්ගේ නොමසුරු දායකත්වය ශ්‍රමයෙන්, බඩු භාන්ඩ හා කෑම බීම ආදියෙන් ලබා දුන්හ.
සුද්දා ලක් දෙරණට පය තැබීය. ඔවුන්ට මේ මනුස්සකම ඇල්ලුවේ නැත. සෑම දෙයක්ම හා සේවාවක්ම මුදලට යට කෙරිණ. වෘත්තීන් බෙදා දැක්වීය. අනතුරුව එවාට විවිධ තත්වයන් ආරෝපණය කල අතර ඒවා උසස්, මධ්‍යම හා පහත් ලෙසට වර්ගද කෙරිනි. අද සමාජයේ වෘත්තීමය බෙදීමක් පවතින්නේ මේ නිසාය.
ජන වහරේ පවතින ආකාරයට ''මිනිහා මේසන් බාස්නෙ'', ''ආ! අර බස් කොන්දොස්තර ද?'', ''එයා මම හිතන්නෙ අර ඔෆීස් එකේ පියන් ද කොහෙද?'' යන අකාරයට පුද්ගලයාට වඩා වෘත්තිය ඉදිරියට පැමිණ එය බාල්දු කරමින් කථා කරන්නට මිනිසුන් පෙළඹේ.
වාසනාවකට පසු කලෙක මෙහි ඇති අසාර්ථකත්වය සුද්දාට වැටහුණි. ඔවුන් ඒ මාන්නය ඔලුවෙන් හලා අප පසු කර ඉදිරියට ගියෝ ය. නමුත් අපි?
එදා හැමදේම කෙරුණෙ සාමුහිකව. උදාහරණයක් හැටියට කුඹුරු වපුරනකොට හැමෝම එකතු වෙලා එක දවසක එක්කෙනෙක්ගෙ කුඹුරක් වපුරනවා. ඊළඟ දවසෙදි අනිත් කෙනාගෙ. කුඹුරේදී විතරක් නෙමේ සෑම අවස්ථාවකදීම පාහේ මේ ක්‍රමවේදය ක්රියාවේ යෙදුණා. අදටත් අපේ ගම් පළාත් වල මේ ක්‍රමවේදය සිදු වෙනවා.
ReplyDeleteනමුත් දැන් සමාජය සංකීර්ණ වෙලා. වෙනදාටත් වඩා මුදල් හා එහි අව්ශ්යතාවය මිනිසාට දැනෙනවා. මෙය අපේ රටට ආවේණික ස්ද්ධාන්තයක් නොවේ. ඉතිං මෙවැනි සංකීර්ණ සමාජයක මිනිස්සු රැකියා වලට වෙන් වීම අකමැත්තෙන් වුවත් පිළිගන්න සිද්ධ වෙනවා. සුද්දා මේ ක්‍රමය අපට නොදුන්නානම් අප විසින් හෝ මේ ක්‍රමය වැළඳගත යුතුයි. නැත්තම් අපේ සමාජය ලෝකයට නොගැළපෙන තත්වයට පත් වෙනවා.
මොනව වුණත් සුද්ද මේ ක්‍රමය අපට ගෙනාවේ අපෙ යහපත සුබ සිද්ධිය සඳහානම් නොවේ. ඔවුන්ට අවශ්‍ය වුණේ තනිකර එකමුතු කම මත රඳා පැවති අපේ යහපත් සිංහල සමාජ ක්‍රමය වළදැමීමටයි. අදමෙන් එදත් බලයට කෑදර අපේ මිනිස්සු මේ ක්‍රමය ඉතා ආශාවෙන් වැළඳ ගත්තා.
ඇත්ත. සුද්ද ගහපු ගැට ටික අපි ඉක්මනට අඳුර ගෙන ලිහා ගන්ඩ ඕනෙ. මනුස්සකමට ගරැ කරන්ඩ පුරැදු වෙන්ඩ ඕනෙ.
ReplyDelete@life
ReplyDelete> නැත්තම් අපේ සමාජය ලෝකයට නොගැළපෙන තත්වයට පත් වෙනවා.
ඔන්න ඕක කරගන්ඩ ගිහින් තම මචන් අපිට වැරදුනේ
ලයිෆ්,
ReplyDeleteඇත්තටම මචං මෙතන ගැටලුව ඇතිවෙලා තියෙන්නේ රැකියාවක් කිරීම නිසාම නෙමෙයි.
එක් සංකෘතියක ඇති දෙයක් ඊට හාත්පසින්ම වෙනස් වූ සංස්කෘතියකට ගෙඩි පිටින් දැමීමෙන් ඇතිවූ ව්‍යාකූල තත්වයක් කියලයි මම නම් දකින්නේ.
මට තියෙන ප්‍රශ්නේ අපේ මිනිස්සුන්ට තාම මේක තෙරුම් ගන්න බැරි උනේ මොකද කියල?
ආලෝක,
ReplyDeleteමිනිස්සු ගොඩ දෙනෙක් වැඩ කරන්නෙ තමන් මැරෙන්නෑ කියල හිතගෙන වගේ. ඔවුන්ට තමන් කළ වැරදි තේරෙන්නේ මරණාසන්න උනාම. එතකොට පමා වැඩියි.
ඔව් එහෙම බලද්දිනම් උඹ හරි.
ReplyDeleteහැමදාම මගේ මතය වුණේ අපි අඳුරින් මිදීමටනම් අපිටම අවේණික වූ ක්‍රමවේදයක් සකසා ගත යුතුයි. නැතුව සුද්ද පස්සෙ ගියොත් අපි සදහටම අඳුරේ අතපත ගාමින් ඉඳීවි
ලයිෆ්,
ReplyDeleteඇත්තටම මචං අපිට ක්‍රමවේදයක් අලුතෙන් තනන්න අවශ්‍ය වෙන්නේ නෑ කියලයි මම හිතන්නේ.
අතීතයේ අපෙ මුතුන් මිත්තො ළග ඉතා හොද සාර්ථක ක්‍රමවේද තිබුනා. අවශ්‍ය වන්නේ ඒවා ගැන හොද සොයා බැලීමක් කිරීමයි.
ReplyDeleteYaxaBox beta
සමාජය සංකීර්ණ නිසයි මේ ඔක්කොම. මිනිස්සු ඉන්නෙ ගින්දරේ. බලන්න Private Bus යන හැටි.
Today I post some sinhala content to my blog for the first time.
This comment has been removed by the author.
ReplyDeleteඉස්සර මිනිස්සු රැකියාවක්(සල්ලි හමබකරන එක නෙමේයි) කලේ ජීවත් වෙන්න.එනිසා මිනිස්සුන්ගේ ජීවිත ගොඩක් සැහැල්ලු වුතා.ඒත් දැන් ..මැරීගෙන සල්ලි හොයනවා.මිනිස්සු යන්ත්‍ර වෙලා.අපිට උරැම දේ විකුනල හරි මුදල් හොයනවා.
ReplyDeleteYaxaBox,
ReplyDeleteඔව් ඉස්සරට වඩා සංකීර්ණ නම් තමයි.
එවැනි සමාජයක ඉන්න ආකාරයත් ඉගෙන ගන්න පුලුවන් නම් ගැටලු බොහො දුරට අඩුවේවි.
ශ්‍රී,
ReplyDeleteඔබගේ කතාව හරි. මිනිස්සුන් ගෙ එකම අරමුණ සල්ලිම විත්රයි.
මම මේ බැලුවේ මොන පෝස්ට් එකටද comment එක දෙන්නේ කියලා :D ඔක්කොම හොඳයි. අන්තිමට බලලා බලලා මේකම තෝරගත්තේ ඉතිහාසය සම්බන්ධ කරන්න. මොකද ඉතිහාසය මගේ ප්‍රියතම විෂයක් නොවැ ;)
ReplyDeleteස්වයංපෝෂී ආර්ථික ක්‍රමයකදී තරඟකාරීත්වයක් එල්ලවෙන්නේ නැහැ. ඒක නිසා මිනිසාට උත්සාහ කරේ එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය ආහාර නිපදවා ගැනීමට පමණයි. ඒති මධ්‍යකාලීන යුරෝපයේ අඳුරු යුගය අවසාන වීමත් සමඟම පුනරදයක් එක්කම නැඟී ආපු මානව වාදය, එසේත් නැතිනම් පුද්ගලයා සියල්ලට වඩා උසස් යන මතය ඉදිරිපත් වෙලයි. ඊට පස්සේ ඇතිවෙච්ච කාර්මික විප්ලවය වගේම මුදල් භාවිතයේ වර්ධනයත් එක්ක සාමූහිකත්වය වෙනුවට පුද්ගලයාව මුල් කරගෙන මිනිසා හිතන්න පටන් ගත්තා. ඒක තමයි මේකේ ඉතිහාසය සම්බන්ධ පැත්ත. දැන්... ලංකාව ඇරගෙන බැලුවොත් හැමදෙනාටම ඕනේ තමන්ගේ පුතා හෝ දුව, දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් කරන්න. ඒ වගේම නූතන ප්රවණතා එක්ක... අවශ්‍ය වුනේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න එහෙමත් නැත්තන් සුපට්ටාර් කෙනෙක් කරන්න. කාටද ඕන වුනේ තමන්ගේ පුතා හොඳ ගොවියෙක් වෙනවා දකින්න. ඉතින් ඒ වගේ දේවල් අපේ ඔළුවට දැම්මාම කියලා කියන්නත් බෑ... ලෝකේ ඇතිවෙච්ච ප්රවණතාත් එක්ක එහෙම හිතන්න මිනිස්සු පෙළඹුනා. සිංහලයන්ගේ කාටවත් දෙවැනි නොවීමට ඇති ආකල්පය (මේක වරදක් නෙවෙයි) ඒකත් එක්ක මිශ්‍ර වුනා කියලා තමයි මට නම් හිතෙන්නේ.
බ්ලොග් එක නම් එළම තමා!
ජයෙන් ජය!
(සමාවෙන්න පරක්කු වුනාට හොඳේ...)
සුදාරක,
ReplyDeleteබොහොම වටිනවා ඔබගේ අදහස.
මමත් අදහස් ක්රන්නේ නෑ අපිත් නිකං ලිං මැඩියො වගේ ඉන්න ඔනි කියල. නමුත් ඔබ කියපු අර දෙවැනි නොවිමේ ආකල්පයද තියෙන්නේ නැත්නම් අනුකරණය කිරීමක් ද?
අපි අපේ දේකින් ඉදිරියට යන්නේ කවදාද?
ස්තූතියි!