Monday, April 6, 2009

Surplus

"අද ගැන හිතපං, හෙට යකාට ගියදෙං" යයි කිව්වේ ජිප්සීස් ගායක කන්ඩායමේ සුනිල් පෙරේරාය. ඔහු කියූ ලෙසම හෙට යකාට යමින් හෝ ගොස් ඇත.

අධි පාරිභෝගික සමාජය විසින් පරිසරය, මිලියන ගනනක් වූ ගහ කොල, සතා සිව්පාවුන් විනාශ කොට ඇත. සාගර, ගඟා, විල් විෂ වලින් පුරවා ඇත. වාතය දූෂණය කර ඇත. මුළු වායුගෝලයම කාබන්ඩයොක්සයිඩ් හා අනෙකුත් හානිකර වායූන්ගෙන් පුරවා ඇත. ඕසෝන් ස්ථරය සුන් කර ඇත. තෙල්, ගල් අඟුරු හා අනෙකුත් ඛනිජ ද්‍රව්‍යන් හිස් කරමින් පවතී. අපගේ සහ ඔවුන්ගේ වනාන්තරද විනාශ කර ඇත. තවත් අපට ඉතුරුවී ඇත්තේ මොනවාද?

මේ ගැන හොඳ කතා බහක් තියෙන වාර්තා වැඩසටහනක් බලන්න ලැබුනා. ඉතිං ඒ ගැන පුංචි සටහනකුත් තියන්න හිතුනා. මේ වාර්තා වැඩසටහනේ නම තමයි
Surplus Terrorized Into Being Consumers. Erik Gandini විසින් මෙය අධ්‍යක්ෂණය කර තිබෙනවා.

මෙහිදී ප්‍රධාන වශයෙන් අදහස් දක්වන්නේ
John Zerzan කියන මේ ධනවාදී අර්ථික රටාව විවෙචනය කරන ලේඛකයෙක් විසින්. ඔහු කියන්නේ,

"ඇයි මිනිස්සු මේ සමාජ රටාවට එරෙහිව තමන්ගෙ විරුද්ධත්වය පල කොට එයට එරෙහිව යමක් කිරීමට උත්සාහ කරන්නේ?"

"ඒක මෝඩ ප්‍රචන්ඩත්වයක් වෙන්න බෑ."

"මෝඩකම කියන්නේ කමින්, බොමින් එම්. ටී. වී බලමින් ඔහේ තමන්ගෙ රැකියාව කරමින් ඉන්න එකට." (අපේ අය එම්. ටී. වී වෙනුවට සිරස කියල දාගන්න).

දැන් දැන් මිනිසුන්ට තේරිලා තියෙන්නේ මේ අධි පාරිභෝගික රටාව තුල තියෙන හෙම්බත් වීම. අපරදිග කාලයක් පුරා ඇති දැඩි වී හැදුන මේ ධනවාදය පෙරදිගටද ව්‍යාප්ත වෙමින් පවතිනව. මේ සඳහා දැඩි බලපෑමක් කරන්නේ තත්පර 30 වෙළඳ දැන්වීම කියල තමයි මෙහිදී කියන්නේ. මෙකට හොඳ ඌනපූර්ණයක් තියෙනවා
System Of A Down කියන සංගීත කන්ඩායම ගායනා කරන Violent Pornography කියන ගීතයෙ.

ඇමරිකානුවන්ගේ අධි පාරිභෝගික රටාව කදිම නිදසුන් කීපයකින් පැහැදිලි කරනවා මෙන්න මෙහෙම,


“The average North American consumes 5 times more than the Mexican. 10 times more than a Chinese person. and 30 times more than a person from India.”

“We are 20 per cent of the people of the world. yet we consume 80 per cent of the world's resources. This level of consumption is simply not sustainable. if we continue to consume at this rate then eventually we're going to hit the wall.”

මේ වාර්තා වැඩසටහනේදී
George W Bush, Tony Blaire වැනි දේශපාලකයන්ට මෙන්ම Bill Gates, Steve Ballmer වැනි පුද්ගලයන්ටද ඔවුන්ගේම අදහස් වලින් ඉතා අපුරුවට උපහාසයට ලක් කොට තිබෙනවා(ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියලම කපනවා).

කියුබානුවන්ගේ අපුරු ආදර්ශපාඨයකුත් තියෙනව මෙන්න මෙහෙම,

“CONSUME ONLY THE NECESSARY”

හැබැයි මේ මහත්වරුන් මේකට විසඳුම විදියට තෝරගෙන තියෙන්නෙ ලතින් ඇමෙරිකානු රටවල් ප්‍රධාන කරගෙන තියෙන සමාජවාදය. මම නම් දකින්නේ සමාජවාදය කියන්නේ ධනවාදයට විරුද්ධව ඉදිරිපත් වුන දෙයක් මිස මේ ප්‍රශ්නයට නියම විසඳුම ලෙස නෙමයි. ඔවුන්ට ස්ථීර විසඳුමක් අව්ශ්‍ය නම් පෙරදිග චින්තනයෙන් හොයා ගන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම. මොකද බටහිරයෝ මේ ගමන ඇරඹුවෙ පරිසරය අභිබවා යන්නේ කෙසේද? කියන සංකලිපයේ ඉඳන්. පෙරදිග මිනිසුන් ජීවත් වූයේ පරිසරය සමග සහජීවනයෙන්.

අවසාන භාගයෙදි තවත් අපූරු අදහසක් ඉදිරිපත් වෙනවා මේ විදියට,

In this new world, the people would get back their own culture again. we will have a new set of values. There will be a paradigm shift. A big global mind shift,
Where people will suddenly say: "I don't want a fancy car".
Where people will suddenly say: "I don't want another Big Mac".
Where people will suddenly say: "I don't want to wear any Diesel jeans".
Where people will suddenly say: "I want to have a simple, fulfilling life".
Where people will suddenly say: "I want to have a simple, fulfilling life".

ඇත්තටම මේ ධනවාදය තුල මනුෂ්‍යත්වයට සත පහක හෝ වටීනාකමක් නෑනේ. සල්ලි හම්බවෙනව නම් ඒ වෙනුවෙන් තමන්ගේ දෙමව්පියො උනත් යොදාගන්න මෙවුන් පසුබට වෙන්නෙ නෑ. තවත් අපූරු දෙයක් තියෙනවා. ඒ තමයි වර්තමානයේ බටහිර රටවල් දරුණු ආථික කඩා වැටීමකට ලක්වෙලා තියෙනවා. ඒ ගැන මෙහි කතා වුනත් මේ වාර්තා වැඩසටහන නිෂ්පාදනය කරල තියෙන්නේ 2003 වර්ෂයෙදී.

මේ ඇසෙන්නේ සුපිරි රටවල, සුපිරි මාලිගාවල දිවි ගෙවන සුපිරි මිනිසුන්ගේ ජීවිතවල අඳෝනාව ද?

මෙතන දක්වලා තියෙන්නෙ බොහොම දල විස්තරයක්. අවශ්‍ය කෙනෙකුට පහත යොමුවෙන් එය බාගත කරගෙන බලන්න පුලුවනි.


සෘජු බාගතකිරීමට
ඉංග්‍රීසි උපශීර්ෂය

වැඩි විස්තර සඳහා:

IMDB
Wikipedia

ප. ලි.
මේ සටහන ලියන කොට අහම්බෙන් වගේ දැක්ක බුලත් විටක් ඔතපු කොළ කෑල්ලක මෙන්න මෙහෙම ලියල තිබුනා.

මතු දැක්වෙන ප්‍රකාශ සමග ඔබ එකඟ වන්නේද? හේතු දක්වන්න.

  1. වෙළදපොල ධනවාදී ආර්ථිකයක් තුල රජයට අයත් කාර්ය්‍යක් නොමැත.
  2. නූතනයේ සෑම ධනවාදී ආර්ථිකයකම පාරිබෝගික ස්වාධිපත්‍යක් පවතී.
  3. සමාජවාදී ආර්ථිකයක මිලට හා ලාභයට අයත් කාර්ය්‍යක් නොමැත.
  4. ධනවාදී අර්ථිකයක මිල තීරණය වන්නේ වෙළෙඳපොල බලවේග මත පමණි.



8 comments:

  1. ඇනොනිමස්April 6, 2009 at 8:38 PM

    පාරිබෝගික ස්වාධිපත්‍යක් කියන්නේ මිත්‍යාවක්. strategically placing the product in the customer's mind තමයි marketing වල අරමුණ. ඒකට සිංහලෙන් කියන්නේ අන්ඳවනවා කියලා. අපිව ගොනාට අන්දලා අපෙන් හූරගෙන කන්න බලාගෙන ඉන්න සමාජයක් දිහා බලලා අපිත් කියවනවා ගොන් රැළ වගේ. "පාරිභෝගික ආධිපත්‍ය". මගුල.

    ඔබට පුලුවන්නම් power of community හොයාගෙන බලන්න. ඔබ සමාජවාදයට විරුද්ධ බවක් පේනවා. මමත් සමාජවාදී ක්‍රමයකට අති විශේෂ කැමැත්තක් නෑ. ඒත් ඒ විදිහේ ක්‍රමයක් තුළ මිනිසත් බවට වැඩිය ඉඩ කඩක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. power of community කතාව වෙන්නේ සමාජයක් ලෙසින් එකතු වෙලා වැඩ කිරීම ගැන. එය දැන් පවතින විදියට තමන්ට තමන් විතරක් ක්‍රමයට වැඩිය සාර්ථක ක්‍රමයක්.

    2003 වසරේදිත් ආර්ථික අවපාතයකට ඔය රටවල් මුහුණ දුන්නා. ඒ වගේම මේ දවස් වල පවතින අර්බුදය ගැනත් ඒ දවස් වල අනාවැකි කියලා තිබ්බා. ඒත් ධනවාදය මෙතෙක් පැවති උතුම්ම ක්‍රමයක් කියාගෙන උඩ පනින ගෙඹි රාලලාට ඕවා වැඩක් නෑ. දැන් ඔබටත් බනී ධනවාදයට "අපහාස" කලා කියලා. ඒත් පැහැදිලිව දකින්නෙක්ට නිරවද්‍යයෙන්ම පේන මේ අසාධාරණ ක්‍රමයේ බංකොලොත් බව ඒ අයට ප්‍රතික්ෂේප කරන්න බෑ.

    ReplyDelete
  2. ඇනොනිමස්,
    ඔබගේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබ කිව්ව වගේ අද අපි ඉන්නෙ "ගොනාට ඇඳලා" පැය 24ම දකින වෙළෙඳ දැන්වීම වලින් මුලාවට පත්වෙලා.
    මගේ සමාජවාදයට දැඩි විරුද්ධත්වයක් නෑ නමුත් මට ඒ ක්‍රමයෙන් වැඩක් නෑ. මම හිතන්නේ අපේ ඉස්සර තිබුනු දේශපාලන ක්‍රම වල මීට වඩා යහපත් ක්‍රම තිබුන කියලයි. එක මේ සුද්දගේ ක්‍රමයට වඩා සාර්ථකයි.

    http://www.imdb.com/title/tt0814275/
    ඔබ කියන්නේ මේ වාර්ථාව ගැන වෙන්න ඔනි. මම ඒක බානවා දැන්.
    "අපහාස" කියන දේ නම් අපිට ජීවිතයේ දී නිතරම ලැබෙන දේවල්නෙ ;)

    ReplyDelete
  3. ඇනොනිමස්April 7, 2009 at 4:38 PM

    ඔව්. ඉහත වාර්ථාව තමයි. ඒක බලන්න.

    මම Surplus බාගත කරලා බැලුවා. එය සමාජවාදය වැනි ක්‍රමයක් මේ ක්‍රමය වෙනුවට යෝජනා කරනවාට වඩා අපගේ ඇස් ඇරීමට දරන ප්‍රයත්නයක් (eye opener) නෙවෙයිද? ස්තූතියි මේ ගැන දැන්වූවාට.

    දැනට තිබෙන ක්‍රමය යටතේ සියලුම දේවල් භාණ්ඩයක් ලෙසත් අනෙක් පාර්ශවය පාරිභෝගිකයා ලෙසත් අන්දලා. අපි එතකොට ඒ නීතිම පිළිපදින්න ඕනේ. උදාහරණයක් ‍ලෙසට දොස්තර කෙනෙක් තව දුරටත් ලෙඩ සනීප කිරීමකට වඩා "ලෙඩුන් නැමැති පාරිභෝගිකයා සතුටු කිරීමක්" කරන්නේ. ඒ අනුව ඔහු ව්‍යාපරයකට අවශ්‍ය අනෙකුත් සියලුම අංග සම්පූර්ණ කරන්න බලනවා. SCM, CRM වගේ දේවල් සෞඛ්‍ය සේවයටත් අදාල වෙන්නේ ඔතනදි. ඒත් ටිකකට නැවතිලා හිතලා බැලුවොත් අපිට තේරෙනවා මේ අංශ වලින් ටික ටික මනුෂ්‍යත්වය කියන කොටස ටිකින් ටික අතුරුදන් වෙනවා කියලා.

    ප්‍රචණ්ඩත්වය පිළිබද තවත් ලිපියක් මෙතන තිබෙනවා. බලන්න.
    http://thewalle.wordpress.com/2009/01/25/%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA-%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90/

    ReplyDelete
  4. මුදල් හමුවේ මනුශ්‍යත්වය පෑල දොරින් යනව කියල අපේ පැරැන්නො කිව්වේ ඕකටනෙ.

    ප්‍රචණ්ඩත්වය පිළිබද මේ අදහසට එච්චර එකඟ නෑ (මේක එක්ස් කණ්ඩායමේ මතයක් වගේ). අපිට ඔය පිට රටවල "උගත්තු" කියන අයගෙ මත වැඩක් නෑ මේ ප්‍රශ්නෙදි. අපේ ප්‍රශ්ණ ගැන හොඳට දන්නේ අපිනෙ ;)

    ReplyDelete
  5. රැපා ඔබේ අදහසත් සමග 90%ක් එකගයි.විශේෂයෙන් ධනවාදයේ අධිපරිභෝජනවාදය ගැන ඔබේ විවේචනය සමග.ෆිදෙල් කැස්ත්‍රෝගේ my life කියල පලවෙලා තියෙන ඔහුගේ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් සහිත පොතක-එය ලගදී සිංහලටත් හැරවී තිබුනා-මෙම අර්බුදය ගැන බො‍හොම සිත් ගන්නා සුලු පැහැදිලි කිරීමක් කරල තිබුනා.මානව සංහතියම විශාල ඛේදවාචකයක් දෙස ඇදි යන ස්වභාවයක් තමයි තියෙන්නෙ.මේකෙන් ගැලවෙන්න නම් ධනවාදී නොවන වෙනත් වෛකල්පික ආකෘතියකට මාරු වීම හැර කල හැක්කක් නැහැ.
    සමාජවාදය ගැන අදහස අවශ්‍ය වෙන්නෙ ඔතනදි.දැන් පැරනි ක්‍රමය-පූර්ව ධනවාදි ක්‍රමය-හොදයි කියල ඔබ කිව්වට ඒකට එකග වෙන්න තරමක් අමාරුයි.මොකද අධි පරිභෝජනය නොතිබුනාට ඊටම අනන්‍ය වුන සංකීර්න ව්‍යාකූලතාවයන් එම ක්‍රමය තුල තිබුනු නිසා.පැරනි සමාජය තුල සාධනිය ලක්ෂන තිබුනා කියන එක ඇත්ත.ඒ සාධනීය අංග යාවත්කාලීන කරම්න් පැරනි ක්‍රමයේ වගේම ධනවාදයේත් අහිතකර අංග බහිෂ්කරනය කරම්න් ගොඩනගන අලුත් ආකාතියක් තමයි අපට අවශ්‍යය.අතීතයට පසු නොබැස අතීතයේ හොද දේවල් අරගෙන අනාගතයට ඇස් අරිමු.
    සටහනට තුති

    ReplyDelete
  6. රාමචන්ද්‍ර, ඔබගේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. මමත් පැරණි ක්‍රම ගැන කතා කලේ ඒ ක්‍රම ගෙඩි පිටින් ආපහු ගෙන්න ඕනි කියන අදහසින් නෙමයි. ඔබ කියු පරිදි "හොද දේවල් අරගෙන" අපි ක්‍රමයක් හැදිය යුතුයි. එතනදි හැම් හොද දේම නොගැලපෙන්නත් පුලුවනි. නමුත් එය අදට ගැලපෙන ආකාරයට සංශෝධනය කර හෝ යොදාගන්න පුළුවනි.

    ReplyDelete
  7. නියමයි වැඩ. මටත් කියන්න පුළුවන්ද? ඔයා නම්පතට ලින්ක් දාපු හැටි කියනවද? mail karanna. mbsaman@gmail.com mage blog ekath balanna www.kalaurumaya.blogspot.com

    ReplyDelete
  8. ඇත්තටම එක හරිම ලේසි දෙයක්. ඔයාගේ ටෙම්ප්ලේට් එක "Labels" වලට සහය ඩක්වන එකක් නම්. මෙක එකතු කරගන්න පුළුවන්.

    ReplyDelete