Monday, October 20, 2008

ක්‍ෂණ සම්පත්තිය

වස්සානය අවසන් උනා විත‍රයිනේ. එක නිසා තවත් ධර්ම කරුණක් ගැන කියන්න හිතුනා. ධර්මය ඇති කලද මිනිසුන්ට එහි අගය, වටිනාකම නොතේරෙනව නම් ධර්මය නැති කල කුමන කථාද?

ක්‍ෂණ සම්පත්තිය ඇතිවෙන ආකාරය
බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති ආකාරයට එය ඇතිවන්නේ මෙසේයි,
බුදුරජාණන් වහන්සේ නමක් මෙලොවට පහල වී දෙව්, මිනිසුන්ගේ හිත සුව පිණිස ධ‍ර්මය දේශනා ක‍රන විටකදී හෝ එම බුද්ධ දේශණාවල් ඉගන ගත් ශ්‍රාවක වහන්සේ නමක් විසින් එම ධර්මය දේශණා ක‍රන විටකදී අපට ක්‍ෂණ සම්පත්තිය ඇති වේ.

ක්‍ෂණ සම්පත්තිය අහිමිවන ආකාරය
දැන් අර කලින් කියපු විදියට බුදුරජාණන් වහන්සේ නමක් හ‍රි ශ්‍රාවක වහන්සේ නමක් හ‍රි ධර්මය දේශණා ක‍රද්දි ඒ ධර්මය අවබොධ ක‍රන්න උවමනාවක්, ආසාවක් තියෙන පුද්ගලයා ඉන්නේ,

  • නිරයෙ(අපාය) නම්.
  • තිරිසන් සත්තු අත‍ර ඉපදිලා නම්.
  • පෙරේත ලෝකෙක නම්.
  • ධර්මය ඇහෙන්නෙ නැති ලෝකෙක(සමහ‍ර බ්‍රහම ලෝක, පිට සක්වල) නම්.
  • ධර්මය ඇහෙන්නේ නැති පලාතක නම්.
  • ධර්මය ඇහෙන නමුත් අවබෝධ කිරීමට නොහැකි(මන්දබුද්ධික) නම්.
  • ධර්මය ඇහෙන නමුත් එයට විරුද්ධ(විවිධ දෘශ්ඨි වල එල්බගෙන සිටින) නම්.
  • අවබෝධ කල හැකි මුත් ධර්මය නොමැති නම්.

මේ සියලුම දෙනාට ක්‍ෂණ සම්පත්තිය අහිමි වෙනවා.

විස්ත‍ර ඇතුව කියනව නම්,

නිරයේ, තිරිසන්, පෙරේත ලෝක වල ඉන්න අයට චතුරාර්ය සත්‍ය. ගැන කිව්වට වැඩක් නෑ. මොකද ඔවුන්ට එය තේරුම් ගැනීමට නොහැකි නිසා.

බ්‍රහම ලෝක වල හෝ පිට සක්වල තියෙන ලෝකෙක කෙනෙක් ඉන්නව නම් එයාට මේ ලෝකෙ තියෙන ධ‍ර්මය අහන්න බැහැ. මේකෙන් එක දෙයක් පැහැදිලි වෙනවා ඒ තමයි ධ‍ර්මය අහන්න වාසනාව තියෙන්නේ බොහොම සුළු පිරිසකට පමණයි කියන එක.

ඒ වගේම කෙනෙක් ඉන්නවා නම් ධර්මය ඇහෙන්නේ නැති පලාතක ඔහුටත් ඉතින් ධර්මය අවබොධ ක‍රන්න බැහැනේ. එහෙම බැලුවහම මේ ලොකයේ ධර්මය ඇහෙන්නේ නැති රටවල්, පලාත්ම නේ වැඩි. ඒක නිසා ලොකයේ බොහෝ දෙනෙකුට ධර්මය ඇහෙන්නේ නෑ.

අනිත් අතට ගේ ලඟම පන්සලක් තිබ්බත් වැඩක් නෑ ඒ පුද්ගලයට ධර්මය අවබෝධ කරන්න බැරි නම්. අපි ඔය පාරෙ යනකොට කොයි ත‍රම් දැකල තියෙනවද සිහි විකල් උන, මන්දබුද්ධික අයව. මේ අයට ධර්මය ඇහුන කියල අවබෝධය ක‍රා පැමිනෙන්නේ නෑනෙ.

ඊළග කෙනාටත් ධර්මය කොච්ච‍ර කිව්වත් වැඩක් නෑ. මොකද එයා ඉන්නේ විවිධ මිත්‍යා දෘශ්ඨික මත වල හිර වෙලා. ඉතින් එහෙම කෙනාට මේ ධර්මය ඇහුන ගමන් එයාගෙ දෘශ්ඨි වලට එකඟ නැති නිසා එයා ධර්මයට විරුද්ධ වෙනවා. ඒක නිසා එහෙම කෙනාටත් පුලුවන කමක් නෑ අවබෝධයක් ලබන්න ධර්මය ඇහුනා කියල. එවැනි පුද්ගලයො තමන් ලඟට එන ක්‍ෂණ සම්පත්තියත් අහිමි ක‍ර ගන්නවා.

බුදුරජාණන් වහන්සේ කෙනෙකුත් නැති ධර්මයත් නැති කාලෙක බුද්ධිමත් මනුෂ්‍යයෙක් ඉන්නවා. මෙයා හොයනවා මෙහෙම ධර්මයක් තියෙනවද කියල. එහෙම නැත්නම් ධර්මය තියෙනවා වෙන භාෂාවකින්. එයාගෙ භාෂාවෙන් එක කියන්න කෙනෙක් නෑ එයාට ඒ භාෂාවෙන් කිව්වොත් අවබොධ ක‍රගන්න පුලුවනි, බලන්න අවාසනාවක හැටි.
මේ වගේ පුද්ගලයෙක් ගැන අපි මීට පෙර කථා ක‍රල තියෙනවා "වනගත වීම" කියන සටහනෙන්.

ඉතින් මේ අපිට ලබිල තියෙන්නේ දුර්ලභ අවස්ථාවක් කියල දැන් තේරෙනවා ඇති. ඒ වගේම ක්‍ෂණ සම්පත්තිය පිළිබඳ පුංචි අදහසකුත් ලැබෙන්න ඇති.

එසේ නම් ඔබ සැමට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා.

තෙරුවන් ස‍රණයි!!!

6 comments:

  1. මේ මහගු පණිවිඩය ලෝක සත්ත්වයාට දැන්වීමෙන් ඔබ අත්පත් කරගත් කුසලය ඔබේ නිර්වාණ අවබෝධය සදහාම වේවා.

    ReplyDelete
  2. වනගත වීම කියවද්දි වගේම චිත්‍රපටය බැලීමේදිත් මට හිතුණ දෙයක් තමා මේක.
    ඇත්තට මේ පුද්ගලයා පිරිසිදු බුදු දහම ගැවසෙන සමාජයක සිටියානම්...
    ලංකාවෙ ඉපදුණු අපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනවා.

    ReplyDelete
  3. උබට ගොඩක් පින් මචෝ.නිර්මල බුදුදහම යලි යලිත් ඔපවත් කරීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා

    ReplyDelete
  4. කොළඹගේ,
    බොහොම පිං ඔබට.

    life,
    මිනිස් සිතේ සවභාවය නේ ලග තියෙන දෙයහි වටිනා කමක් දනෙන්නේ නෑ ඒක නැති උන දවසට තමයි සෝක වෙන්නේ.

    latts,
    ඔබටත් පිං සිදුවේවා!

    ReplyDelete
  5. ඇත්තටම රැපා ඹයාගෙ චටිනා කාලය අපි වෙනුවෙන් වැයකිරිමගැන ඹයාට ගොඞාක් පිං!
    තෙරුවන් ස‍රණයි!

    ReplyDelete
  6. හදයා,
    ඔබටත් බොහොම පින්

    ReplyDelete