Friday, October 31, 2008

ආගන්තුකයා

මාජය සංකීර්ණවත්ම මිනිසුන්ගේ කාර්ය බහුලත්වයද ඉහල යයි. කාලය සීමාසහිත බව නිසා පීඩාවට පත්වන ඔවුන්ගේ සිය මානුෂීය ගුණාංග පහලට වැටෙන අත‍ර එය නූතන සමාජ පිරිහීමට සෘජුව බලපා ඇති බවක් දැකිය හැක. මෙවන් සමාජයක මනුෂ්‍යත්වය පිළිබඳ නැවත මතක් ක‍ර දෙන අපූරු සිනමා සිත්තමක් බලන්න ලැබුනා. තමන්ගේ මානුෂීය ගුණාංග ගැන නැවත ව‍රක් හිතල බලන්නත් එක්ක ඒ ගැන පොඩි සටහනක් තිබ්බොත් හොඳයි කියල හිතුනා. කථාව කෙටියෙන් කියනව නම් මෙහෙමයි,

වෝල්ටර් වැලේ කියන්නේ අවුරුදු 62 ක් පමණ වයස මැන්හැටන් පාසලක ආර්ථික විද්‍යාව පිලිබඳ මහාචාර්යව‍රයෙක් ඒ වගේම ග්‍රන්ථ ක‍තෘව‍රයෙක්. දිනක් ඔහු ඔහුගේ නවාතැනට එන විට එහි තරුණ යුවලක් නැවතිලා ඉන්නවා. බලනකොට වෝල්ටර්ගෙ නවාතැන මේ අයටත් විකුණලා ගෙවල් භාරකාර කපටි මනුස්සයා. කොහොම හ‍රි දෙගොල්ලොම ආරවුල සමථයකට පත් ක‍රගන්නවා. වෝල්ටර් කරුණාවන්තකම නිසා යන එන මං නැතිව හිටපු මේ තරුණ ආද‍රවන්තයන්ටත් තාවකාලිකව නිවසේ නවතින්න අවස‍ර ලබා දෙනවා. ඒ යුවලගෙන් පිරිමියා තමයි ට‍රක් කියන්නේ ඔව්හුගේ උපන් බිම සිරියාවව මොහු විනොදාංශය මෙන්ම රැකියාව වශයෙනුත් ක‍රන්නේ "ජිම්බේ" කියන අප්‍රිකානු බෙරය වාදනය කිරීම. ඔහුගේ පෙම්වතිය සයිනඔ සෙනගාලේ කාන්තාවක් ඇය ක‍රන්නේ ආභ‍රණ හදලා විකුණන එක. මේ දෙන්නට තව ගැටළුවක් තියෙනවා ඒ තම්යි දෙන්නම් අනවස‍ර සංක්‍රමනිකයෝ.


මෙහෙම ඉන්නකොට ට‍රක් විසින් වොල්ටර්ට බෙර වයන්න පුහුණු කරනවා. දවසක් මේ දෙන්නා නග‍රයේ උද්‍යානයට ගිහිං බෙර වාදන පුහුණු වීම වල යෙදිලා උමං දුම්රියෙන් නවාතැනට එන්න හදන කොට ට‍රක්ව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා අනවස‍ර සංක්‍රමනිකයෙක් නිසා. ඉන්පසුව ට‍රක්ව නිදහස් ක‍රගැනිමේ මෙහෙයුම ඉතා නිවී සැනසිල්ලේම වොල්ටර් විසින් දියත් ක‍රන්නේ ඔහුගේ පෙම්වතියටද කිසිදෙයක් ක‍ර ගැනීමට නොහැකි නිසාවෙන්. මේ අත‍ර ට‍රක්ගේ මව මොවුනා ඔහුව සොයා වොල්ටර්ගේ නිවසට පැමිනෙනවා. ඇගේද, ට‍රක් ගේ පෙම්වතියගේද එකම ගැලවුම්කරු වන්නේ වොල්ටර්. මොවුන් දෙදෙනාගේද දුක සැප බලමින් ට‍රක්ව නිදහස් ක‍ර ගැනීමට වෝල්ටර් උත්සහා කලත් අවසානයේදී ට‍රක් එරටින් පිටුවහල් කරනවා ඔවුන්ටත් නොදන්වාම.
මෙහෙම තමයි කථාව ගලාගෙන යන්නේ. මේ චිත්‍රපටියෙ පැහැදිලිව දක්නට පුලුවන් විශේෂතා කීපයක්ම තියෙනවා. චිත්‍රපටිය පුරා කිසිම කලබලකාරී බවින් තොරව නිදහසේ ගලාගෙන යෑමක් තියෙනවා. එලෙසෙම මෙහි ඇති ච‍රිතත් කිසිම කලබල බවින් තොර බොහොම නිවුන ච‍රිත. වැදගත්ම දේ තමයි වෝල්ටර් ගේ ච‍රිතය තුලින් මතුවෙන මානුෂීය ගුණාංග. එය චිත්‍රපටිය පුරාම විටින් විට ඉස්මතුවන අවස්ථා ගනනාවකින්ම දක්වා තියෙනවා. නූතන සමාජයෙන් ගිලිහී යන ගුණාංගයක් ගැන ලස්සනට කතා ක‍රල තියෙනවා වගේම කතාව නිම ක‍රන්නේත් අවසානයක් නොමැතිව ප්‍රේක්ශකයාටත් හිතන්න යමක් ඉතුරු ක‍රමින්.

3 comments:

  1. මේක අළුත්ම එකක්නේ..ඔත්තුවට ස්තූතියි. නිවාඩු පාඩුවේ බලන්න ඕන..

    ReplyDelete
  2. මෙහි කැපී පෙනෙන මහාචාර්යවරයාගේ චරිතය නිරූපණය කරන්නෙ Richard Jenkins විසින්. මුලින් ආසියා‍නු යුවළ ගැන ඇතිවන උදාසීන හැඟීම ක්‍රමයෙන් වෙනස් ආතාරය ඔහු මැනෙවින් නිරූපණය කර තිබෙනවා. ඇත්තටම එය අසීරු හා සංකීර්ණ චරිතයක්.

    උඹට පින් මට මේ චිත්‍රපටය බලන්න පෙළඹුවට. Richard Jenkins ගේ රඟපෑම වෙනුවෙන් ඔහුගේ නම පසුගියදා පැවති Oscar සම්මාන උළෙලේදී 'Best Performance by an Actor in a Leading Role' නැමති සම්මානයට නිර්දේශ වුණා.
    Source: http://www.imdb.com/title/tt0857191/awards

    ReplyDelete
  3. සු, ඔබ තාම බැලුවෙ නැද්ද?

    ලයිෆ්, බොහොම හොඳයි ඔබ මෙක බලපු එක. අද කාලේ මේ වගේ නිර්මාණ හරි දුලබයි.

    ReplyDelete